සෞඛ්‍ය අමාත්‍යංශය අත්පත් කරගත් සරසවි සිසුන්ට අමානුෂික ලෙස පහර දෙති
Posted on 06.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල අත්පත්කරගෙන සිටි සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසුන්ට අමාත්‍යංශය තුළ රැකවල්ලාගෙන සිටි කැරලි මර්දන පොලීසිය විසින් බරපතල ලෙස පහරදී සිසු සිසුවියන් සියයකට ආසන්න පිරිසකට තුවාල සිදු කර ඇත.
කදුළු ගෑස් හා බැටන් ප්‍රහාරවලට අමතරව බිම දමාගෙන පා පහරදීමද දක්නට ලැබිණි. මෙසේ පහරදීම නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබු අතර එයින් වැඩි පිරිසක් රෝහල්ගත කර ඇත. සයිටම් ආයතනය පිළිගැනීමට ආණ්ඩුව විසින් ගෙනයන ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් සෞඛ්‍ය ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීම වෙනුවට ඉවක් බවක් නැතිව බිම පෙරලාගෙන පහරදී තිබේ. වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දින පන්සිය ගණනක් සත්‍යග්‍රහයක නිරතවෙමින් සහ පන්ති වර්ජනයක නිරත වෙමින් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. ඔවුන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලටද සාධාරණ විසඳුමක් ලබා දෙන්නට ආණ්ඩුව කටයුතු කලේ නැත. මෙම තත්වය යටතේ අද (21) දින පාගමනකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇමතිවරයා හමුවී සාකච්ඡාවක් අවශ්‍ය බව පවසමින් අමාතයංහ පරිශ්‍රෙය් වාඩි ලා ගත්හ.
එහෙත් ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ අමානුෂික ලෙස පහරදී ශිෂ්‍ය විරෝධතාකරුවන් පලවා හැරීමය. මේ වනවිට ශිෂ්‍ය පිරිස අමාත්‍යංශ පරිශ්‍රෙයන් ඉවත්ව රෝහල් චතුරශ්‍රයට ආසන්නව සිට විරෝධතා පළ කරමින් සිටී.

Related News