தமிழ்
English
Contact
Thursday 7th December 2017    
ගොඩනැගිලි කඩලා වාහන කුඩු කරලලු – ජනාධිපති බේගල් ඇදබායි « Lanka Views | Views of the truth

ගොඩනැගිලි කඩලා වාහන කුඩු කරලලු – ජනාධිපති බේගල් ඇදබායි



සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා විරෝධතා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ සිසු සිසුවියන් ගොඩනැගිලි කඩා දැමූ බවත් වාහන කුඩු කළ බවත් ජනාධිපතිවරයා පවසයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කලේ .අද (22) පොළොන්නරුව ලංකාගම විදුහලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයේදීය, කෙසේවෙතත් එම සරසවි ශිෂ්‍යයන්ට තමා දොස් නොපවරන බව ජනාධිපතිවරයා පැවසීය. දේශපාලන හස්තයක් විසින් සිසුන් හසුරුවන බව පවසමින් ගම්වලින් පැමිණෙන දරුවන් හා පැටවුන් මුව පැටවුන් බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
මේ අතර අද සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ විරෝධතා දැක්වූ ශිෂ්‍යයන් තම අමාත්‍යංශයට පැමිණ මිලියන ගණනක හානි සිදුකර ඇති බවය.

පොලිස් මාධය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි අද පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ ආරක්ෂක කැමරා දර්ශන ආධාරයෙන් පුද්ගලයන් හද’ුනාගෙන රජයේ දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධව චොද්නා නගමින් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

සරසවි බදවා ගැනීම් ඉහළ දමනු, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ යන සටන් පාඨ තේමා කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය සහ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය විරෝධතාවයට සන්නද්ධ ආරක්ෂක භටයන් විසින් එල්ල කළ අමානුෂික ප‍්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරයාගේ සිට බොරු චෝදනා නගමින් ශිෂ්‍යයන් වෙත දෝෂාරෝපණය ඉලක්ක කරන්නට කටයුතු කරමින් සිටින බව මෙහිදී පැහැදිලි වේ. සිදුවීමට සිසුන්ට දොස් නොපවරන බව කියමින් ජනාධිපකිවරයා චේතිය වර්ගයේ බේගල් ඇද බෑම විසින් හෙළීකරන්නේ ශිෂ්‍ය මර්දනය සදහා ඇති වුවමනාවයි




Related News