Posted on 08.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සම්මේලනයට සහභාගි නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීෙම් වගකීම පක්ෂ මධ්‍යම කාරක සභාවට අැති බව පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පවසයි.
ශ්‍රී ල.නි.ප. 66 වැනි සම්මේලනය සැප්තැම්බර් 2 දා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතය. පක්ස සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැදවන මෙම පක්ෂ සම්මේලනයට සහභාගි වන ලෙස පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවද ශ්‍රී ල.නි.ප. ලේකම්වරයා පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු දොනටද මෙම ආරාධනය කළ බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
කෙසේ වුවද පක්ෂ සම්මේලනයට සහභාගි නොවන මන්ත්‍රීවරුන්ට එරෙහිව දඬුවම් කිරීමට හෝ වෙනත් නීති ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නොමැති බවද ඔහු කීවේය.