தமிழ்
English
Contact
Saturday 4th May 2019    
හොරු නැති අාණ්ඩු හදන හැටි හදුන්නෙත්ති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හොරු නැති අාණ්ඩු හදන හැටි හදුන්නෙත්ති කියයි



පැවති අාණ්ඩුවේ හොරු අල්ලන්නට වත්මන් අාණ්ඩුවට නොහැකිව අැත්තේ ඒහිද හොරු ඉන්න නිසා බවත් බලයට පත්කළ යුත්තේ හොරු නැති අාණ්ඩුවක් බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.

ජ.වි.පෙ. පත්කළ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ෙපාළොන්නරුව ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය. 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ජ.වි.පෙ. විසින් අපේක්ෂකයකු ඉදිරිපත් නොකොට මෙෙත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්කරන්නට විශාල රාජපක්ෂ විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන ලදී. ඒහිදී ජ.වි.පෙ. නායක මට්ටමේ කථිකයන් අතර ප්‍රකට කියමනක් වූයේ රාජපක්ෂගේ කඩේ බඩු හොද නැති නිසා ඒය වසා දැමිය යුතු බවයි. ඒ් වෙනුවට මෙෙත්‍රිගේ කඩේ ගැන තමන්ට කිසිවක් කියන්නට නොහැකි බව ඔවුන් ප්‍රකාශ කලද තනි රාජපක්ෂ විරෝධය තුළින් මෙෙත්‍රිපාල සිරිසේනගේ පාලනය බලයට පත්කරන්නට දරදිය අදින ලදී.

ඒහි ප්‍රතිපලයක් ලෙස යහපාලන අාණ්ඩුවේ ජාතික විධායක සභාවේ අසුනක් ජවිපෙ නායකයාට හිමි විය. කෝප් කාරක භාෙව් සභාපතිධුරය හදුන්නෙනත්ති මන්ත්‍රිවරයාට හිමි විය. ඉන් නොනැවතී පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරද ජ.වි.ෙප. නායකයාට හිමි විය. පසුගිය අාණ්ඩුව සම්බන්ධයෙන් 2015 සිට මේ දක්වා ෙගන අා චෝදනා මත වංචා දූෂණ කළවුන් කිසිවකු අධිකරණය හමුවේ හෙළිදරව් නොකිරීම සහ වත්මන් පාලනයේ දූෂණ දක්වමින් රාජපක්ෂවාදින් බලවත්විම සම්බන්ධයෙන් ජනතාව සිය කෝපය පළ කරති. 2020 මැතිවරණයේදි හොරු නැති පාලනයක් පිහිටුවන්නට ජ.වි.පෙ. මන්ත්‍රීවරයා අදහස් දක්වන්නේ ඒම පසුබිම තුලය.