Posted on 08.11.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය වාහම අත්හිටුවීමට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ බණ්ඩාරවෙලා ප්‍රදේශවාසීන් සිවු දෙනෙකු විසින් අද(11) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණි.
මෙම විනාශකාරී ව්‍යාපෘතිය නිසි පරිසර අධ්‍යනයක් නොකිරීමෙන් ආරම්භ කරන ලද බව මේ වන විට තහවුරු වී ඇති අතර එම නිසා මේ වන විට ප්‍රදේශයේ ජන ජිවිතයට විශාල ලෙස අහිතතකර අයුරින් බලපෑම් කර ඇති නිසා මෙම තහනම් නියෝගය නිකුත් කරන ලෙස පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා සිටින ලදි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධව මින් පෙර ගොනු කර තිබු නඩුවද අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබු අතර නිතිපතිවාරය විසින් ඉදිරිපත් කල යුතුව තිබු ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර නොතිබුණි.
අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනුසුරු මඩුල්ල මෙම නඩුව ලබන මස 29වන දා තෙක් කල් තබන ලදි.