Posted on 09.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශය ඔස්සේ ගලා යන කිරිඳිඔයෙහි ජලය එකවරම සිඳී ගොස් තිබෙන බවත් එසේ සිදුවන්නේ උමා ඔය ව්‍යාපෘතියේ බලපෑම නිසාදැයි සැකයක් මතුව තිබේ.
ඊයේ(20) උදයේ කිරිදි ඔය අසළින් ගමන්ගත් බොහෝ දෙනා ගඟෙහි ජලය සිදීයන ආකාරයක් නිරීක්ෂනය කර ඇත. ගොවීන් සහ ප්‍රදේශවාසීන් විසින් මේ බව දැක ඇති අතර ගගේ ජලකද පොළව අභ්‍යන්තරයට ගලා යන අයුරු ඔවුන් දැක තිබුණි. 2015 පමණ ගලනගම ගම්මානයේ නිවසක කොටසක් හා අවට ඇති ගස්වැල් පොළව තුළට ගිලා බැස තිබූ අතර මෙම ගගදිය අතුරුදන්වී යාමද උමා ඔය ව්‍යාපෘතියේ අනිටු ප්‍රතිවිපාකයක් යැයි ප්‍රදේශවාසීහු අනුමාන කරති.
මේ වසරේ පෙබරවාරි මස 24වැනි දා අඹදණ්ඩේගමදී කිරිදි ඔයේ අතු ගංගාවක් ගිලා බැස නිසා සිදීගිය බවක් වාර්තා විය. මේ නිසා එකවරම කිරිඳිඔයේ ජලය සිඳී යෑම නිසා ප්‍රදේශවාසී ජනතාව මේවන විටද දැඩි බියකින් පසු වෙති.
