தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
ජ.වි.පෙ. සීනුව අත්හැර වෙනත් ලකුණකින් 2020 මහමැතිවරණයට එනවා - සමන්ත විද්‍යාරත්න | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ.වි.පෙ. සීනුව අත්හැර වෙනත් ලකුණකින් 2020 මහමැතිවරණයට එනවා – සමන්ත විද්‍යාරත්න



2020 දී මැතිවරණයට මුහුණ දීමට දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සදහා සීනුව ලකුණ වෙනුවට වෙනත් ඡන්ද ලකුණක් භාවිතා කොට තරගකිරීමට තීන්දු කොට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

2020 දී  ආණ්ඩු  බලය ලබා ගැනීම සදහා  දැවැන්ත බලවේගයක් ගොඩ නගන්නට පොදු ලකුණක් භාවිත කරන බව ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ඊයේ(16)  හුංගම පැවැති රැස්වීමකදීය.

ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් මැතිවරණ ඉතිහාසයේ කිහිවරක්ම මෙසේ සීනුව ලකුණ අත්හැර වෙනත් ඡන්ද සලකුනු නලින් තරග කරඇත. 1994, 2004 සහ 2010 ජ.වි.පෙ. වෙනත් ඡන්ද ලකුනුවලින් තරග කළ මැතිවරන ලෙස ඉතිහාසයට එක් විය. ජ.වි.පෙ. දේශපාලන ආගමනය සිදුකළ 1971 අරගලයට පෙරාතුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු මැතිවරණවලට ඉදිරිපත්වීමක් සිදු නොවූ අතර 1970 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව අදහස් දක්වමින් සමගි පෙරමුනු ආණ්ඩුව බලයට පත්කිරීමට පක්ෂපාති මතයක් ප්‍රචාරය කරණ ලදී.

71 අරගලයේදී සිරගතකෙරුනු දේශපාලන නායකත්වයේ අනුදැනුම ඇතිව ජ.වි.පෙ. යලි ප්‍රසිද්ධ තලයේ දේශපාලනයට පැමිණීම සලකුනු කිරීම පිනිස ස්වාධීන අපේක්ෂකයන් ලෙස ප්‍රාදේශීයව පැවැති මැතිවරණවලට තරගකිරිම සිදුවිය. කෙසේවෙතත් පක්සයේ සලකුණ ලෙස සීනුව ලකුණ 1981 සංවර්ධන සභා මැතිවරණයේදී පළමුවරට භාවිතා කරන ලදී. ඉන් පසුව 1982 ජනාධිපතිවරණයට රෝහණ විජේවීරගේ ඡන්ද ලකුණ ලෙස සීනුව ලකුණ භාවිතා කෙරිණී. 1983 පක්ෂ තහනමින් පසුව පළමුවරට ජ.වි.පෙ. අපේක්ෂකයන් මැතිවරනයකට ඉදිරිපත් වූයේ 1994 පැවති මහමැතිවරණයේදීය. එහෙත් එහිදී ජ.වි.පෙ. අපේක්ෂකයන් තරග කළේ සීනුව ලකුණින් නොව ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ මල්බදුන ලකුනින් ජාතිය ගලවාගැනීමේ පෙරමුණ ලෙස තරග කරන ලදී.

ඉන්පසුව 2004 මහමැතිවරණයට ජ.වි.පෙ. තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණ යටතේය. 2010 මාර්තු මහමැතිවරනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කුසලානය ලකුණ යටතේ තරග කරන ලදී.