උමා ඔය ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල තවත් ගම් දෙකකට ආපදා තත්වයක්!
Posted on 07.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
උමා ඔය ව්‍යාපෘතිය නිසා අවදානමට පත්ව ඇති අලුත්ගම සහ දික්අරාව ජනතාව අද (28) බදුල්ල කොළඹ මාර්ගය වෙත පැමිණ පැය පහකටත් වඩා කාලයක් විරෝධතාවයේ නියලුණහ.
ආපදා තත්වයක් පැන නැගීම නිසා ඊයේ රාත්‍රි එහි වෙසෙන ජනතාව විරෝධතාවක නිරතවූ නිසා ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණ තාවකාලිත නවාතැන් ලෙස බණ්ඩාරවෙල යොවුන් සේනාංකයේ මුලස්ථානය ලබා දෙන ලදී. අද දින විරෝධතා දක්වමින් ඔවුන් ඉල්ලුවේ ඊයේ රාත්‍රි ඇතිවූ වර්ෂාවත් සමග තම නිවෙස් අවදානම් තත්වයකට පත් වී ඇති නිසා ඉදිරියට තමන්ට එම නිවාස වල තව දුරටත් ජීවත් විමට හැකිදැයි පරීක්ෂා කර බලා තමන්ට සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසය. ජනතාව විසින් තමන් පත්ව ඇති අසීරුතාවයන්ට විසදුම් දෙන ලෙස ඉල්ලා සිටියද කිසිදු බලධාරියකු එහි පැමිණීයේ නැත. අවසානයේ විරෝධතාව වෙත පැමිනි කුරුකුදේගම ස්වාමීන් වහන්සේත් බණ්ඩාරාවල පොලීසියේ නිලධාරීන් සමග ප්‍රශ්නය පිළිබද සාකච්ඡා කළහ. ප්‍රදේශය පරීක්ෂා කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සමග පැවති සාකච්චාවෙන් පසුව සවස 5.45 ට පමණ ජනයා මාර්ගය විවෘත කර විසිර ගියහ.
ඊයේ ඇතිවූ ධාරානිපාත නර්ෂාව නිසා වැසි ජලය පොළොවේ මතුව ඇති පැළුම් තුලට ගලා යාමත් බෑවුම් හි පිහිටි නිවාස තුලින් ජලය මතුවීමත් සමගම අවදානම වටහාගත් ජනතාව අතට අසුවන භාණ්ඩ ද රැගෙන මහ පාරට පැමිණියහ. අධික වැසි තත්වය නිසා තමන් වාසය කරන කදු ප්‍රදේශය නායයාමේ අවදානමක් ඇති බව වටහාගෙන ඔවුහු නිවස්වලින් පිටතට පැමිණ විරෝධතා දැක්වූහ. එහෙත් ඔවුන්ට ලැබුනු නවාතැනේ පැදුරක් වත් නැති බිම රාත්‍රිය ගතකරන්නටත් කැඩුණු වැසිකිලි භාවිත කරන්නටත් සිදු විය. ඔවුන් එසේ ගාල් කොට ඇත්තේ ද උමා ඔය ව්‍යාපෘතිය නිසා පුපුරා හැලෙන සලකුණු කළ බිත්ති සහිත ස්ථානයකය. ආපදා කලමණාකරණ සේවා කිසිවක් නොමැකි බැවින් ඔවුන් තමන්ම සපයාගත් පැදුරක, තමන්ගේ විදුලි පන්දම් දල්වා නිදි නැති රැය පහන් කළ බව මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
Save
Save