Posted on 11.06.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2015 දෙසැම්බර් මසදී දෙමටගොඩ වෙළඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබාගෙන පහර දුන් බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් 9 කට අදාළ තීන්දුව 24 වැනිදා දෙන්නට නියමිතය.
මෙම චෝදනා මත ඔවුන්ට පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 8 දෙනෙක් අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ ඔවුන්ට දඬුවම් නියම කිරිම 24 වැනි දා දක්වා කල් තැබිය.
එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් 8 දෙනාට නියම කෙරිණි.