தமிழ்
English
Contact
Sunday 8th October 2017    
විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුවරයකුට වෙඩි තබයි! « Lanka Views | Views of the truth

විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුවරයකුට වෙඩි තබයි!



යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ලිංගික අපරාධයකට ලක්කර ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ විනිසුරු එම්. ඉලංචේලියන් වෙත අද(22) සවස වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

යාපනය මහාධිකරණයේ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් අද පස්වරු 5 .30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ නල්ලූර් ප්‍රදේශයේ දීය.

විනිසුරුවරයාගමන් කළ මෝටර් රථය හරස්කර නවතාලූ යතුරුපැදිකරුවක්  ඔහු දෙසට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.  කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් විනිසුරුවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇත.