தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
යාපනයේ තරුණයන් අත්අඩංගුවට ගැනීම පිළිබද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරති « Lanka Views | Views of the truth

යාපනයේ තරුණයන් අත්අඩංගුවට ගැනීම පිළිබද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරති



යාපනය අර්ධද්වීපය තුළ සිදුෙවමින් තිෙබන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් නවතා දමන්නයි ඉල්ලා ඒම තරුණයන්ගේ මව්පියන් විසින් පසුගිය 10 වැනිදා යාපනය මානව හිමිකම් කොමිසමට සන්දේශයක් භාරදී තිබේ.

වැලි ජාවාරම් සිදුවීමකදී තුන්නාලයි ප්‍රදේශයේ තරුණයකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වීමෙන් අනතුරුව තුන්නාලයි ප්‍රදේශයේ මාර්ගවල ටයර් දමා විරෝධතා පැවැත්වීම, ප්‍රවාහන කටයුතුවලට බාධා කිරීම, පොලිස් මුරපොළට පහරදීම, පොලිස් වාහනයට පහරදීම ඇතුළු චෝදනා මුල්කර ගනිමින් තරුණයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියි.

ෙමසේ අත්අඩංගුවට ගැනීමේදී හේතු ෙලස දක්වනු ලැබුෙව් අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීමය. වඩමරාච්චි ප්‍රදේශයේදී පසුගිය 4 වනදා සිට 7වනදා දක්වා වූ කාලය තුළ අලුයම් කාලයේදී පොලිසිය හා පොලිස් විශේෂ කාර්‍ය බළකාය ඒකාබද්ධව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර, එහිදී තරුණයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනන්‍යතාවය තහවුරු කිරීමේ ලියකියවිළි නැති හේතුව දක්වමින් යාපනයේ තරුණයන් 12ක් විශේෂ කාර්ය බළකායෙන් අත්අඩංගුවට ගන්නා ලදී. යාපනය කෝන්ඩාවිල් සහ තිරුනෙල්වේලි ප්‍රදේශයේ පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිඳුකළ මාර්ග සෝදිසි මෙහයුමකදී තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය ලියකියවිළි නොමැති බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන කෝප්පායි පොලිසියේ රඳවා තබා ඇත.

අත්අඩංගුවට පත්වූ තරුණයන්ගේ දෙමව්පියන් කෝප්පායි පොලිසියට ගොස් එම තරුණයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ඔවුන්ව තමන් වෙත භාර දෙන්නැයි ඉල්ලා සිටි නමුත්, ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය බැවින් ඔවුන්ගේ අනුමැතියකින් තොරව තරුණයන්ව නිදහස් කිරීමට නොහැකි බව පොලිසිය පවසා තිබිණි.

මෙතෙක් තරුණයන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, තුන්නාලයි ප්‍රදේශයේ තරුණයන් 24 දෙනෙකුද ඒ අතර සිටිති. අත්අඩංගුවට පත්වූ තරුණයන්ව පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ වඩමරාච්චිය තුළ දිගටම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත්, රැකියාවට යන පුද්ගලයන්, රැකියා කටයුතු සඳහා වඩමරාච්චියේ රැඳී සිටින පිට පළාත්වල තරුණයන්ව අත්අඩංගුවට ගනු ලබන බවත්ය.

උතුරේ අැතිව තිබෙන ෙමම තත්වය ජනමාධ්‍ය විසින් නිසි ලෙස වාර්තා නොකරණ තත්වයක් අැති බවද අත්අඩංගුවට ගත් තරුණයන්ගේ මව්පියන් විසින් පෙන්වා දී තිබේ. දකුණේ ජනමාධ්‍ය විසින් 80 දශකයේදී මෙන් මෙම සිදුවිම් හරි හැටි වාර්තා කරනවා ෙවනුවට තම දරුවන් සියලු දෙනා ත්‍රස්තවාදින්  ලෙස භාරගෙන අැතැයි ඔවුහු චෝදනා කරති.

පොලිස් වෙඩිතැබීමට විරෝධය