தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
විද්‍යා ඝාතනයට පෙර වීඩියෝ දර්ශන අන්තර්ජාල අඩවියකට විකුණලා? « Lanka Views | Views of the truth

විද්‍යා ඝාතනයට පෙර වීඩියෝ දර්ශන අන්තර්ජාල අඩවියකට විකුණලා?



පුන්කුඩුතිවු ප්‍රදේශෙය්දී ලිංගික අපරාධයකට පසුව ඝාතනය කළ සිවලෝගනාදන් විද්‍යා සිසුවිය සම්බන්ධ වීඩියෝ දර්ශන ඒක්තරා අන්තර්ජාල වෙබ් අඩවියකට විකුණා අැති බවට සැකකළ හැකි තොරතුරු අනාවරණය වී තිෙබන බව උතුරේ අාරංචි මාර්ග හෙළිකරයි.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වැනි පටුමග ප්‍රදේශයේදී 2015 මැයි මස 13 වැනිදා පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ ලිංගික අපරාධයකින් පසුව ඝාතනය කොට තිබිණ. ඒම අපරාධයට චෝදනා ලබා සිටින මහාලිංගම් ශෂිදරන් (ස්විස් කුමාර්), බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්, සිවදේවන් දුෂාන්ත් (පෙරියම්බි), පලනි රූපසිංහම් ගුහදාසන්, ජෙයතරන් කෝකිලන් යන විත්තිකරුවෝ නව දෙනා ෙම් වනවිට අත්අඩංගුවේ පසුවෙති. විද්‍යා සිසුවිය පැහැරගෙන සමුහ දූෂණය කර මරා දැමීම සම්බන්ධ නඩු විභාගය අද(13) යාපනය මහාධිකරණයේ දී තිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පැවැත්විණ. මෙම නඩුව ඒහි ස්වභාවය හා බරපතළකම මත ඒක දිගට විභාගයට ගතයුතු බවට තීරණයක් ෙගන තිබේ.

නඩුවේ හය වැනි විත්තිකරු වන දුෂාන්තන් හෙවත් පෙරියම්බි විසින් රවී නැමති අයෙකුට රුපියල් 23,000ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි ඊයේ සාක්ෂි විභාගයේ දී හෙළි විය. ප්‍රධාන සැකකරු සවිස්කුමාර් හෙවත් මහලිංගම් සසිකුමාර් මෙම අපරාධයේදී ඉටුකළ භූමිකාව අවධානයට ලක්ව තිබේ. හෙළිව අැති තොරතුරුවලට අනුව ඔහු විසින් ලිංගික අපරාධයට සම්බන්ධ වී අැත්තේ සමූහ ලිංගික අපරාධෙය් දර්ශන තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කරගැනීමටය. ඔහු විසින් ෙමම අපරාධය සංවිධානය කරන ලද බවටත් ඒය තනිකරම වීඩිෙයා් දර්ශන අධික මුදගකට විකුණාගැනීමේ පරමාර්ථයෙන් සිදුකරන ලද්දක් බවටත් කරුණු හෙළිව තිබේ. සැකකරු විසින් අපරාධය සැලසුම් කර අැත්තේද යම් අවස්ථාවක හෙළිදරව්වීමක් වුවෙහාත් අාරක්ෂා වීමේ උපක්‍රමයක් භාවිත කරමිනි.

ස්විස් කුමාර් අපරාධය සිදුවන අවස්ථාවේදී වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීමට සූදානම් ව සිට ඇත. ඔහු විසින් මැයි 12 සිට 15 දක්දිවා වැල්ලවත්තේ ලැගුම් හලක කාමරයක්ම වෙන් කර මුදල් ගෙවා එහි රිසිට්පත් ද ලබාගෙන තිබිණි. විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කෙරුණේ 2015 මැයි 13 වනදා ය. ස්ගේවිස් කුමාර්ගේ අරමුණ වූයේත තමා එදින වැල්ලවත්තේ සිටි බව අධිකරණයට ඔප්පු කිරීමටය. එහෙත් ඒකී ලැගුම්හලෙහි හිමිකරු සාක්ෂි දෙමින් ස්විස් කුමාර් 12 සහ 13 යන දෙදින තුළ ලැගුම් හලෙහි නොසිටි බවත් ඔහු ඒහි පැමිණියේ 14 වනදා බවත් ප්‍රකාශ කළේය.

ස්මේවිස් කුමාර් අපරාධ දර්ශන වීඩිෙයා්ගත කර අැත්නම් ඒය ෙමම අපරාධය පිළිබද වැදගත් සාක්ෂයයක් වන නිසා ඒ් සම්බන්ධ තාක්ෂනික සහාය ලබාගන්නට අවධානය ෙයාමු විය. ස්විස් කුමාර් විසින් වීඩියෝ දර්ශන කොටස් 4ක් හෝ 5ක් ලබාගෙන අැති බවට සැකකරුවකු විසින් කළ කරුණු දැක්විමක් මත කරුණු දක්වන අන්තර්ජාල තොරතුරු විමර්ශකයන් පවසන අාකාරයට මෙවැනි මුදාහැරීමක් අන්තර්ජාලය ඔස්ෙස් සිදුව අැත්දැයි සැකය ඔස්සේ වෙනම විමර්ශන කටයුතු සිදුකළ යුතුව තිබේ. පුන්කුඩුතිවු අපරාධයට සම්බන්ධ ෙදවැනි සැකකරුෙග් ප්‍රකාශයකට අනුව ලිංගික අපරාධය සිදුවන අවස්ථාවේ ඒය ජංගම දුරකථනවලින් වීඩියෝගතකිරිමක් සිදුව අැත. ඒසේ වුවද ඒ දර්ශන අන්තර්ජාලයට මුදාහැරි බවට නිශ්චිත තොරතුරු සැකකරුවන්ෙගන් අනාවරණය වී නැත. සැකකරුවන් විසින් දුරකථනවල දත්ත මකා දමා අැති බවට සැකය මත ඒම ජංගම දුරකථන පරිගණක විශේෂඥයන් ලවා පරික්ෂා කරමින් ෙතාරතුරු අනාවරණය කරගන්නට ෙම් වනවිට අධිකරණය විසින් නියෝග කර අැත. ෙකෙසේවෙතත් මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු රහසේ කොළඹට ෙගන්වා විදේශගත කිරීමේ උත්සාහයක් ප්‍රදේශයේ බලවතුන් මැදිහත්වීමෙන් සිදුව තිබෙන නිසා ජංගම දුරකථන සම්බන්ධෙයන් අාරක්ෂා වන්නට පියවර ගෙන අැති බවටද අනුමාන කෙරේ.

තවදුරටත් මෙම වීඩියෝ දර්ශන නිකුත් කිරීමේ සැක කටයුතු තත්වය සම්බන්ධව කරුණු අනාවරණය කරගැනීමෙන් මෙම අපරාධකරුවන් සම්බන්ධ සැබෑ තොරතුරු හා ඔවුන් සම්බන්ධ අපරාධ ජලය අනාවරණය කරගත හැකිවන බවට විශ්වාසයක් පවතී. නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය කිරීමේ කටයුතු අවසන්වී තිබෙන අතර, නඩුවේ සැකකරුවන්ගේ ආරක්‍ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුවන්ට ආහාර, ජලය ඇතුළු සියල්ල බන්ධනාගාරය විසින් පමණක් ලබාදිය යුතු බවත්, අධිකරණ පරිශ්‍රය තුළ සැකකරුවන්ව හමුවීමට කිසිවකුට අවසර ලබා නොදිය යුතු බවත්, සැකකරුවන්ගේ ඥාතීන්ට ඔවුන්ව හමුවිය හැක්කේ බන්‍ධනාගාරයේදී පමණක් බවද යාපනය බන්‍ධනාගාර අධ්‍යක්‍ෂවරයා වෙත විනිසුරු මඩුල්ල දැනුම් දී තිබේ.