Posted on 10.10.2017 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත with 0 Comments
සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය අද (10) පැවැති විරෝධතාවයට පොලිසිය කළ අමානුෂික පහරදීමේදී දේශපාලන ක්‍රියාකාරින් අතුළු විරෝධතාකරුවන් රැසක් තුවාල ලබා රෝහල්ගතකර ඇත.
තුවාල ලැබූවන් අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ද වේ. එසේම විශ්වවිද්‍යාල සිසුන්, භික්ෂුන් හා මවුපියන්ද තුවාල ලබා ප්‍රතිකාර සදහා රොහල්ගතකර සිටින බව දැනගන්නට ඇත.
පොලිසිය කළ එම අමානුෂික පහරදීමෙන් පසුව පොලිසිය විසින් ශිෂ්‍ය ක්‍රියාකාරින් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සිසුන් නීතිඥවරු මැදිහත්වීන් නිදහස් කරන ලදී. මෙම විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් අද දින පොලිසිය විසින් අධිකරණ නියෝග ලබා ගෙන තිබිණී. එහෙත් මහජන විරෝධතා යනු අධිකරන අවසරයෙන් සිදුකරන්නක් නොවන බවත් විරෝධය පෑම සහ ගැටලුවලට විසදුම් නොමැති කල විරෝධතා පළකරමින් සාමුහික කේවල් කිරීම ජනතාවගේ අයිතියක් බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරිහු පවසති.
සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය විසින් පසුගිය කාලයේ දිගින් දිගටම ගෙන ගිය විරෝධතාවලදී කිසිදු විසදුමක් ලබාදීමට අසමත් වූ ආණ්ඩුව පොලිසිය යොදාගනිමින් සාමකාමී විරෝධතාවකට පහරදීම සහ තුවාල සිදුකිරීමත් ඉන්පසුව අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා නගා අධිකරණයට ගෙනයාමත් සාමාන්‍ය ක්‍රියාවක් බවට පත් කරගෙන ඇත.

