Posted on 10.03.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ආයතනයට පක්ෂපාති පුද්ගලයකු ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්කිරිම පිලිබදව රජයේ වෛදය නිලධාරි සංගමය සිය අප්‍රසාදය පළ කරයි.
මහාචාර්ය කොල්වින් ගුනරත්න ඊයේ (2) වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්කර ඇත්තේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසිනි. කොල්වින් ගුනරත්න මෙමතනතුරට පත්කිරීමේ සූදානමක් ඇතැයිද එමගින් ආණ්ඩුව විසින් තවදුරටත් සයිටම් ආයතනය ආරක්සා කාරීමේ සහ තවත් පෞද්ගලික උපාදි ආයතන බිහිකිරීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයනු ඇතැයිද මින් පෙර අදහස් පළ වී තිබිණි. මේ අන්දමට මහාචාර්ය කොල්වින් ගුනරත්න ශ්‍රී ලංකා වෛදය සභාවට පත්කිරිම සදාචාර විරෝධී ද වන්නේ ඔහු සයිටම් ආයතනය වැනි ව්‍යාජ තොරතුරු මත ස්ථාපිත කර ව්‍යාජ තත්ව සහතික් ඉදිරිපත් කරමින් ශිෂ්‍යයන් බදවාගැනීමක යෙදී සිටින සයිටම් ආයතනය වංචනික ආයතනයක් බව දැන දැනම එය රජයේ වෛද්‍ය පීඨවලට වඩා ගුනාත්මක ඉහළ මට්ටම ඇතැයි සහතික ලබා දුන් අයකු නිසාය. අනෙක් අතට කොල්වින් ගුනරත්න මෙරටට ඖෂධ ආනයනය කරන සමාගම ඉහළ තනතුරක් දරන අයකු බවටද තොරතුරු අනාවරණය වී ඇත. මෙවැනි තැනැත්තකු වෛද්‍ය වෘත්තිය හා වෛද්‍ය අධාපනය සම්බන්ධ ඉහළම ආයතනයේ සභාපති ධුරයට නම් කිරීමෙන් සනාථ වන්නේ ආණ්ඩුව තවදුරටත් වෛද්‍ය වෘත්තිය හා වෛෙද්‍ය අධ්‍යාපනය විනාශ කිරීමේ සැලසුමක සිටින බවයි.