தமிழ்
English
Contact
Wednesday 26th July 2017    
‘සුදුවෑන් හා පොලිසිය‘ ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් මග එනවලු! « Lanka Views | Views of the truth

‘සුදුවෑන් හා පොලිසිය‘ ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් මග එනවලු!




වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය සහ එම අවස්ථාවේ පොලීසිය විසින් අනුගමනය කළ ක්‍රමවේදය පිළිබඳ නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමැති ගල රත්නායක විසින් වාර්තාවක් කැඳවා තිබේ.

ඇමතිවරයා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස තමන් මේ වන විටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර ඇති බවයි. එළඹෙන සතියේදී පාර්ලිමේන්තුව රැස්වූ පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා  සිය නිවේදනයෙන් පවසයි.

පසුගියදා වෘත්තිකයින්ගේ සංගම් මූලස්ථානය අසලදී සුදුවෑන් රියක පැමිනි සිවිල් ඇදුමින් සැරසුනු පිරිසක් විසින් රයන් ජයලත් පැහැරගන්නට ගත් උත්සාහය ව්‍යාර්ථ විය. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඔහු පොලිසියට අවශ්‍ය බව පවසමින් පැහැරගැනීමේ ක්‍රයාව තම අනුදැනුම ඇතිව සිදුවූ බව පිලිගත්හ. මේ අවස්ථාවේ එහිදී එම පැමිණි නිලධාරීන්ගේ ක්‍රයාකලාපය දේශපාලන පක්ෂ නායකයන්ගේත්, වෘත්තිය සමිති හා ශිෂ්‍ය නායකයන්ගේත් විරෝධයට ලක් විය.

මෙම පසුබිම තුළ නීතිය සාමය පිලිබද ඇමතිවරෙයා නිවේදනයක් නිකුත් කරමින් කළ ප්‍රකාශය පහත පළ වේ,


2017.07.22
ප්‍රවෘත්ති නිවේදනය

2017.06.21 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපල වලට හානි කිරීමට අදාළව, පොදු දේපල පනත යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී/16250/17 දරණ නඩුවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවෙකු මෙන්ම කොටුව ම.උ.නඩු අංක  B 3049/16 දරණ නඩුවේ වරෙන්තු නිකුත් වී සිටින සැකකරුවෙකු වන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු වන රයන් ජයලත් ශිෂ්‍යා 2017.07.20 වන දින අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය පිළිබඳව සහ එම අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කළ ක්‍රමවේදයන් පිළිබඳව පරීක්ෂණයක් සිදුකර වහාම මා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මේ වනවිටත් මා නියෝග කර තිබෙනවා.

මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වූ පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ නිවේදන අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කිරීමටද බලාපොරොත්තු වෙමි.

සාගල රත්නායක (පා.ම)
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය