தமிழ்
English
Contact
Sunday 27th August 2017    
ලිප්ටන් වටරවුමේ ප්‍රහාරයට පසු වෛද්‍ය සිසුන් 12ක් හා සිසුවියක් අත්අඩංගුවට ගනී! « Lanka Views | Views of the truth

ලිප්ටන් වටරවුමේ ප්‍රහාරයට පසු වෛද්‍ය සිසුන් 12ක් හා සිසුවියක් අත්අඩංගුවට ගනී!



පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් කොළඹ, ලිප්ටන් වටරවුමේ  ඊයේ දිනයේ අැරඹු  ‘නොනිදන අරගලය‘ වෙත පොලිස් ප්‍රහාරයක් එල්ලකර ශිෂ්‍යයන් 12 ක් සහ එක් සිසුවියක් අත්අඩංගුවට ගෙන ඇත.

ලිප්ටන් වටරවුමේ පදිකයන් ගැවසෙන ප්‍රමාණයට ඉඩ තබා ඉදිකර තිබුණු විරෝධතා අට්ටාලය මහජන පිඩාවක් යයි පවසා එය ඉවත කරන ලෙස ඉල්ලා කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් ශබ්ද විකාශන යොදා කියවු පොලිසිය විනාඩි 15ක් තුල ඉවත්වන ලෙස දැනුම් දෙන ලදී. එ් අවස්ථාවේ තම විරෝධතාව සාමකාමී එකක් බවත් එයින් මහජන පිඩාවක් කෙසේ සිදුවන්නේද යන්න පිළිබදවත් සිසුහු දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියහ. ඒ සදහා කළ අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව සිසුන් හට බඩුබාහිරාදිය ඉවත් කර ගැනීමට කාලයක් නොතබා පොලිසිය විසින් අධිපිඩන ජල ප්‍රහාර එල්ල කොට තිබේ.

ජල ප්‍රහාරය මගින් ආවරනය ගැලවී සිසුන්ගේ පෞද්ගලික ආම්පන්න ඒ මේ අත විසිවී යද්දී එයින් බේරෙන්නට උත්සාහ ගත් සිසුන් පලවා හැරීමට පොලිසිය කටයුතු කළ අතර එහිදී සිසුන් 13ක් අත්අඩංගුවට ගෙන තිබේ. කරාපිටිය වෛද්‍ය පිඨයට අයත් සිසුන් 8 දෙනෙක් හා රාගම වෛද්‍ය පිඨයට අයත් සිසුන් 5ක් ඒ අතර සිටිති. රාගම වෛද්‍ය පිඨයේ සිසුවියක්ද අත්අඩංගුවට පත්වූවන් අතර සිටී. මීට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වටිනා බඩු බාහිරාදියද පොලිස් බාරයට ගෙන ඇති අතර සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට අදාල පොත්පත් සහිත ගමන් මලු සහ කුලී පදනම මත ගෙනෙන ලද වැසිආවරණ ද ඒ අතර වේ.  පහර දිම සිදු කළේ මේ කිසිවක් ඉවත්කර ගැනීමට ඉඩක් නොතබා බවට සිසුහු චෝදනා කරති.