Posted on 09.22.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පොලොන්නරුව ඇලහැර බකමුණ ප්‍රදේශයේ සිරි කඳුයාය ප්‍රාථමික විදුහලේ සිසුන් සති ගණනාවක සිට ගස් යට අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබෙන බව වාර්තා වේ.
එම පාසලේ පැවති එකම ගොඩනැගිල්ල කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති අතර මේ හේතුවෙන් පාසලේ සිසුන් සහ ගුරුවරුන් මහත් අපහසුතාවයකට පත්ව ඇත.
විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු පාසැල් සිසුන්ගේ දෙමාපියන් විසින් අවස්ථා ගණනාවකදීම මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙන්ම පළාත් පාලන බලධාරීන් දැණුවත් කර තිබුණද මේ වන තෙක් මෙම ගැටළුව සම්බන්ධයෙන් කිසිඳු පියවරක් මේ වනතෙක් ගෙන නොමැත.
75දෙනෙකු ඉගෙන ගනිමින් සිටින මෙම පාසැල තුළ ගුරුවරුන් 8 දෙනෙකු පමණ ඉගැන්වීමේ කටයුතු සිදුකරන අතර පහසුකම් අතින් ඉතා පහල මට්ටමක මෙම පාසැල පවතී.
දිවයිනේ පාසැල් බහුතරයක තත්වය මේ අයුරින් පවතින විට ආණ්ඩුව දිනෙන් දින අධ්‍යාපනය සඳහා වෙන් කරන අරමුදල් කප්පාදු කරමින් සියළු වියදම් දැරීම ක්‍රමාණුකූලව දෙමාපියන් මත පැටවීම මඟින් පවත්වාගැනීමට යෝජනා කර අධ්‍යාපන වැය බරින් නිදහස් වීමට පිඹුරුපත් සකසමින් සිටී.
එමෙන්ම නිදහස් අධ්‍යාපන සඳහා වෙන් කරන සොච්චම් මුදලද ආණ්ඩුව විසින් අත්තනෝමතික අයුරින් යොදා ගනිමින් විනාශ කරමින් ඇත.