Posted on 09.29.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනය කිසිසේත් අහෝසි නොකරන බවත් තමන් පක්ෂ කොපමණ ප්‍රමාණයක් මාරු කලත් ප්‍රතිපත්ති වෙනස් නොකරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන ලදි.
ඊයේ(28) දින කිරිබත්ගොඩ මූලික රෝහලේ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව පවසන ලදි.
අදාළ ප්‍රකාශයට අනුව අමාත්‍යවරයා කුමන තත්වයක් යටතේ වුවද අධ්‍යාපන පෞද්ගලීකරණය වෙනුවෙන් කැප වෙන බව සනාථ කර ඇත.
කෙසේ වෙතත් බහුතර මානව අයිතීන් ඇතුළු සමාජ සුබසාධන සේවාවන් ප්‍රාග්ධනයේ වහල්භාවයට නතු කිරීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගනු ලබන ක්‍රමවේදයන් සහ පක්ෂ අතර කොපමණ වාර ගණනාවක් මාරු වුවද අදාළ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අමාත්‍යවරයාට සිදු නොවන බව ඉතා පැහැදිලිය.