தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
විශ්වවිද්‍යාල පාලනය සඳහා නව පනතක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විශ්වවිද්‍යාල පාලනය සඳහා නව පනතක්



ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය සඳහා බව පෙන්වා දෙමින් නව පනතක් ගෙන එන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ කොළඹදී පැවති ජාත්‍යන්තර සමුළුව හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.

ඒ අනුව එළඹෙන වසරේදී ලෝක බැංකු ආධාර යටතේ ඊට අදාළ කටයුතු ක්‍රියාත්මක කරන බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

ආණ්ඩුව අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාකරමින් සිටින ආකාරය මෙන්ම මෙම ක්‍රියාවලියට සහාය ලබා දෙන බව පවසන ලෝක බැංකුවේ වුවමනාවන් අනුව මෙය සමාජ අයිතීන් පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් ගෙන ඒමට නියමිත තවත් එක් උපාය මාර්ගයක් ලෙස පැහැදිලිවම මෙම පනත පෙන්වා දිය හැක.