தமிழ்
English
Contact
Friday 8th September 2017    
SAITM විරෝධී සිසු ජන පාගමන සාර්ථකව අවසන් « Lanka Views | Views of the truth

SAITM විරෝධී සිසු ජන පාගමන සාර්ථකව අවසන්



මර්දනය නවතනු, මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු යන සටන් පාඨ පෙරටුකර ගනිමින් පසු ගිය 31 වන දා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද පේරාදෙණිය නගරයෙන් ආරම්භ කෙරුණු දින පහක් පුරාවට පැවතී දැවැන්ත පාගමන ඊයේ(04) දින කොළඹ නගරයේන් ඇති සාර්ථක ලෙස අවසන් විය.

අවසන් දිනය කඩවත නගරයෙන් ඊයේ දිනයෙදී ආරම්භ කරමින් කොළඹ කොටුව දක්වා පැමිණි මෙම විරෝධතා පාගමන සඳහා විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, සිසු දෙමාපියන්, වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ කලාකරුවන් විශාල පිරිසක් සම්බන්ද වී තිබුණි.

මෙම දින 5 අතරතුර අවස්ථා ගණනාවකදීම පොලිසිය විසින් පාගමන නතර කිරීම සඳහා අධිකරණය හරහා තහනම් නියෝග ලබා ගැනීමට උත්සහ කල අතර අවසන් දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා ස්ථාන කිහිපයකට ඇතුල්වීම නවතාලමින් නියෝගයක්ද ඉදිරිපත් කර තිබුණි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපටට පැමිණීම වලක්වා ලීමට පොලිසිය උත්සාහ කලද විරෝධතාකරුවන් පොලිසිය මඟ හරිමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපස දැවැන්ත විරෝධතා රැළියක් සහ කළා ප්‍රසංගයක් සංවිධානය කරන ලදි.

මෙම විරෝධතා පාගමන සඳහා දායකත්වය ලබා දුන් සංවිධාන.

  • අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

  • වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

  • අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  • විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

  • එක්සත් සමාජවාදී පක්ෂය

  • ලංකා ගුරු සංගමය

  • එක්සත් කම්කරු සම්මේලනය

  • මහජන එක්සත් පෙරමුණ

  • ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය

  • වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් එකමුතුව

  • කම්කරු අරගල මධ්‍යස්ථානය

  • වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

  • ජනතා විමුක්ති පෙරමුණ

  • ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

  • අන්තර් විශ්වවිද්‍යාලයීය අනධ්‍යන සේවක සංගමය

  • ජාතික හෙළ උරුමය

  • ලංකා ගුරු සේවා සංගමය

  • ලංකා සමසමාජ පක්ෂය

  • ලංකා වතු සේවා සංගමය

  • ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

  • ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය

  • ප්‍රැක්සිස් සාමුහිකය

  • ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

  • අලුත් පරපුර

  • රක්ෂණ සේවක සංගමය

  • රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය

  • අන්තර් සමාගම් සේවක සංගමය

  • ස්වාධීන තටාක සේවක සංගමය

  • සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  • ස්වාධීන ලංකා ගුරු සංගමය

  • සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  • රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  • ඛනිජ තෙල් පොදු සේවක සංගමය

  • මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

  • ජනතා තැපැල් සේවක සංගමය

  • රජයේ දන්ත වෛද්‍ය සංගමය

  • ඒකාබද්ධ ගුරු සේවා සංගමය

  • පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය

  • ප්‍රගති ගුරු සංගමය

  • දුම්රිය පාලක සංගමය

  • ශ්‍රී ලංකා ප්‍රවාහන සේවක සමිතිය

  • ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය

  • අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය

  • පුහුණු විද්‍යාපීඨ හා උපාධි ගුරු සංගමය

  • ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවක සංගමය

  • ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය

  • ලංකා විදුලි පොදු සේවක සංගමය

  • ලංකා විදුලි සේවක සංගමය

  • සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය

  • ජාල සම්පාදන සේවක සංගමය

  • ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය

  • රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  • සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  • ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවක සංගමය

  • රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය

  • සමාජවාදී ලංකා කම්කරු සමිතිය

  • දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව

  • ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

  • ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය

  • සවිස්ත්‍රී කාන්තා ව්‍යාපාරය

  • ශ්‍රම අභිමාණි කේන්ද්‍රය

  • ලංකා ගොවි සංසදය

  • දකුණු පළාත් ජනතා සංසදය

  • ඌව පළාත් ජනතා සංසදය

  • ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනය

  • උතුරුමැද පළාත් ජනතා සංසදය

  • මධ්‍යම පළාත් ජනතා සංසදය

  • වයඹ පළාත් ජනතා සංසදය

  • පරිසර සංරක්ෂණ භාරය

  • ආනාගතය අපේ අතේ සංවර්ධන පදනම

  • කඳුකර ජන ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය

  • ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය

  • ශ්‍රී ලංකා ජන රජ සෞඛ්‍ය සේවා සංගමය

මීට අමතර කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් රාශියක් ද මෙම විරෝධතාවයට සිය දායකත්වය ලබා දී තිබුණි.


 

Save