Posted on 09.01.2017 by Lahiru Umayangana in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
මාලඹේ SAITM ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් කොළඹ කොටුව ඉදිරිපිට සිදු කරනු ලබන අඛණ්ඩ උපවාස ක්‍රියාමාර්ගය සඳහා අද(01) දින ගුරු විදුහල්පති සංගම් වල සහාය හිමි වී තිබුණි.
මෙම ක්‍රියාමාර්ගයේ 102වන දිනය සඳහා මෙලෙස උපවාස අට්ටාලය සමඟ සම්බන්ධ වෙමින් සිය සහයෝගය ලබා දී තිබු අතර සිසු ජන ව්‍යාපාරය විසින් එම ස්ථානය ඉදිරිපිට මාර්ගයේ අඩි 60ක් දිගැති දැවැන්ත බැනරයක් ද ප්‍රදර්ශනය කරන ලදි.
තවමත් ආණ්ඩුව SAITM විරෝධය පිලිබඳ කිසිවක් නොදකින ලෙස මුනිවත රකිමින් කටයුතු කරන අතර දැවැන්ත ගැටළු සහ චෝදනාවන් ගණනාවක් මඟහරිමින් SAITM ආයතනයේ ආරක්ෂාව සහ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වෙමින් සිටින බව මනාව පැහැදිලි වේ.

