Posted on 08.30.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිට්ම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කරනු ලැබූ ගිනිගත් රාත්‍රිය විරෝධතාවය අද(30) රාත්‍රියේ පවත්වන ලදි.
මේ සඳහා සරසවි සිසුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසු දෙමාපියන්, වෘත්තීය සමිති, වෛද්‍යවරුන්, දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් සම්බන්ධ වී තිබු අතර ස්ථාන ගණනාවක විරෝධතාවයන් සංවිධානය කර තිබුණි.
විරෝධතාවයන් කෙතරම් උත්සන්න වෙමින් පැවතුනද තවමත් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය සහ SAITM ආයතන වෙනුවෙන් පමණක් මැදිහත් වෙමින් අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින බව පැහැදිලිව දක්නට ඇත.

