Posted on 07.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මුදලට උපාධි විකුණන සයිටම් ආයතනය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද(22)සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් අවසානයේ ලිප්ටන් වටරවුමේ ‘නොනිදන අරගලයක්‘ ආරම්භ විය.
කොළඹ නීති පීඨය අසලින් පටන්ගෙන ලිප්ටන් වටරවුම දක්වා ගමන් ගත් මෙම පා ගමන ලිප්ටන් වටරවුමට පැමිණ විරෝධතා අට්ටලයක් ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කරන ලදී. ඉන්පසුව පොලිසිය පැමිණ මහජනයාට බාධාවක්වන විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් පෙන්වන්නට යාමේදී ශිෂ්‍යෙයා එය ප්‍රතික්ෂේප කරමින් තම සාමකාමී විරෝධතාවට බාධා නොකර ඉවත්වන ලෙස පොලිස් නිලධාරින්ට විරෝධය දැක්වූහ. ඉන් අනතුරුව ඔවුහු එක්ව විරෝධාකල්ප ගී ගයමින් ‘නොනිදන රාත්‍රිය‘ පහන් කිරීමේ විරෝධතාව ආරම්භ කළහ. මෙම විරෝධතාව ජූලි 25 දක්වා අඛණ්ඩව ගෙනයන බව ඔවුහු පවසති.
