தமிழ்
English
Contact
Friday 28th July 2017    
ලිප්ටන් වටරවුමේ ‘නොනිදන විරෝධය‘ට පොලිස් ප්‍රහාරයක්! « Lanka Views | Views of the truth

ලිප්ටන් වටරවුමේ ‘නොනිදන විරෝධය‘ට පොලිස් ප්‍රහාරයක්!




Update – කොළඹ ලිප්ටන් වටරවුමේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ විරෝධතා අට්ටාලය වෙත පොලිසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර එම විරෝධතාව විසුරුවා හැර තිබේ. මෙම සිදුවීමෙන් සිසු සිසුවියන් ගනනාවකට තුවාල සිදුව ඇති අතර සිසුන් කිහිපදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ලිප්ටන් වටරවුමේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් විසින් පවත්වාගෙන යන ලැබූ ‘නොනිදන විරෝධය‘ සත්‍යයග්‍රහයට පොලිස් ජල ප්‍රහාර එල්ල කර තිබේ.
අප වෙත වාර්තා වන්නේ මෙම විරෝධතාව මහජනයාට හිරිහැරයක් බව පවසමින් පොලිසිය විසින්  කළ ඉල්ලිමකට අනුව අධිකරණය විසින් ලබා දෙන ලද නියෝගය නොසළකා හැරීම නිසා පොලීසිය විසින් මේ වන විට ප්‍රහාරයක් එල්ල කරමින් විරෝධතාකරුවන් පළවා හරිමින් සිටින බවයි. මෙම පොලිස් ප්‍රහාරය සදහා මේ වන විට ලිප්ටන් වටරවුම ආසන්න මාර්ග සියල්ල වසා දමා ඇති අතර දැඩි රථවාහන තද බදයක් ද පවතී. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙනයාමට උත්සහ කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්වවිද්‍යාල සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ(22) මෙම සත්‍යයග්‍රහය  ආරම්භ කළේය.