Posted on 07.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ පොලිස් ප්‍රහාරයකින් විසුරුවා හරිනු ලැබුවද වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ‘නොනිදන අරගලය‘ විරෝධතාව අදත් (24) තුන්වන දිනයට ලිප්ටන් වටරවුමේ ක්‍රියාත්මක විය.
දේශපාලන පක්ෂ නියෝජිතයන්, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සහ වෙනත් වෘත්තිය සමිති නියෝජිතයන් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් රැසක් මෙම විරෝධතාව සදහා සහභාගි වෙමින් සිටී. මෙම ස්ථානය අවට පොලිස් කණ්ඩායම් සහ බුද්ධි අංශ සාමාජිකයන් සැරිසරනු දක්නට ලැබෙන බව ලිප්ටන් වටරවුමේ සිටින ශිෂ්‍ය ක්‍රියාකාරිහු පවසති. අද දින නොනිදන අරගලය සමග එක්වන්නට විරෝධාකල්ප සංගිත ශිල්පීන් සම්බන්ධ වීමද විශේෂත්වයකි.


