தமிழ்
English
Contact
Friday 25th August 2017    
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණක් 2017 වසරේ වකුගඩු  13,451ක් « Lanka Views | Views of the truth

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණක් 2017 වසරේ වකුගඩු 13,451ක්



වසරේ ගත වූ මාස 7ක කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණක් වකුගඩු රෝගීන් 13,451දෙනෙක් වාර්තා වී ඇති බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක පවසයි.

මෙලෙස වාර්තා වූ රෝගීන්ගෙන් 127දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර මෙම නිදන්ගත වකුගඩු රෝගී තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ජනතාව පීඩාවට පත්ව ඇති බවට මේ වන විට හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධව කටයුතු කිරීමට ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය මේ වන විටත් රෝගී තත්වය ඇතිවීමට හේතු සාධක නිවැරදිව සොයාගත නොහැකිව කල්මරමින් සිටින අතර රෝගීන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ සපුරාලීමට අපොහොසත්ව ඇත.