ඩෙංගු – අප තවත් බලා සිටිය යුතු නැත!
Posted on 07.18.2017 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments
අධ්‍යාපනය යනු වරප‍්‍රසාදයක් නොව අයිතියකි. එය මිල කළ නොහැක. එසේම සෞඛ්‍යයද සේවයක් ලෙස මුදල් හම්බකරන මාර්ගයක් නොවේ. එසේ වුවත් දැන් ලංකාවේ සෞඛ්‍ය සේවය නමට සේවයක් වුවද එහි ඇතුලාන්තය ඉතා අභාග්‍ය සම්පන්නය. විවිධ පාලකයන් යටතේ මෙය පිරිහෙමින් ඉදිරියට ආ අතර මේ වන විට එය අර්බුදයක් දක්වා ඔඩු දුවා ඇත. එකී විනාශයට අද අයිතිකරුවෙක් නැත. විවිධ අය එකිනෙකාට චෝදනා කර ගනිමින් මෙය වර්ධනය කිරීමට මැදිහත්වීම සිදුවේ. කිසිදු කාලයක මෙම ගැටලූව අවසන් කිරීමට නොව අවම කිරීමටවත් කිසිදු වැඩපිළිවෙළක් දියත්වී නැත. එයට හොඳම උදාහරණය මේවන විට රට පුරා ව්‍යාප්ත වී ජීවිත බිලි ගනිමින් තිබෙන ඩෙංගු වසංගතයයි.
ඉතිහාසයේදීද දළ වශයෙන් මීට අවුරුදු 780කට පමණ ඉහතදී වියලි කලාපය හැරදා එහි විසු ජනයාට තෙත් කලාපයට සංක‍්‍රමණය වීමට සිදුවූයේ මැලේරියා මදුරුවන් නිසාය. තමන්ගේ ගම් බිම් ගේ දොර සහ වටිනා කියන සියල්ල හැරදා එම ජනයාට පිටවීමට සිදුවීම දිර්ඝකාලයක් එනම් ඞී.ඞී.ටී. සොයා ගන්නා තුරු එම ප‍්‍රදේශ ජන ශූන්‍ය ප‍්‍රදේශබවට පත්විය. මැලේරියා මදුරුවන් විනාශ කිරීමට එදා දේශීය ප‍්‍රතිකර්ම නොමැතිවිය. 1934 – 35 වකවානුවේ මේ නිසා මිය ගිය ගණන ලක්ෂයකට අධික විය.
එලෙසම දැන් ඩෙංගු මදුරුවාද මෙරටට අභියෝගයක් වී ඇත. එය ජය ගැනීමට මෙතෙක්ම කිසිදු පාලකයෙකුට හැකිවී නැත. ඩෙංගු ලංකාවට එන්නේ 1969දීය. එය ක‍්‍රමිකව වර්ධනය වෙමින් 2013 වන විට රෝගීන් 32,063ක් දක්වා වර්ධනය විය. එතැන් සිට එය වැඩිවීමක් මිස අඩුවීමක් ලෙස අපට දකින්නට ලැබුනේද නැත. ඒ අනුව මේ වසරේ පළමු මාස 6 තුළ පමණක් රෝගීන් 63,787ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත් මේ වන විට ඒ ප‍්‍රමාණය 71,000කට අධිකව වර්ධනය වී ඇති අතර මරණ සංඛ්‍යවද 250ක අගයක් පෙන්නුම් කරයි.
කිසිදු අයුරකින් මේ සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කිරීමට ආණ්ඩුව සමත් වී නැත. ඩෙංගු මදුරුවා බෝ වන ස්ථාන විනාශ කිරීම සඳහා වැඩ සටහන් දියත් කළද එය යථාර්ථයක් නොවන්නේ දැන් ඩෙංගු මදුරුවා මෙන්ම ඩෙංගු වෛරසයද පරිණාමය වී ඇති නිසාය. මීට පෙර මදුරුවා පිරිසිදු ජලයේ පමණක් බිත්තර දැමූ අතර දැන් අපිරිසිදු ජලයේද බිත්තර දමනු ලබයි. එලෙසම ඩෙංගු වෛරසයද ශරීරගතවී දින 3ක් තුළ හඳුනා ගැනීම කර ගතයුතු වුවත් දැන් රෝගය වැළඳුණු මොහොතේම රුධිර පරික්ෂාවකින් රෝගය හඳුනා ගත හැක. මේ අනුව මදුරුවා මෙන්ම වෛරසයද පරිණාමය වී ඇති නමුත් එය අවසන් කිරිමට අදාළ වූ අරගලය කිසිදා පරිණාමය වන්නේ නැත.
ආණ්ඩුව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම මේ වන විට මදුරුවා බෝ වීමේ හේතුව මහජනයාගේ වැරදීම් සිදුවන බව පවසමින් එහි වගකීමෙන් නිදහස් වන්නට එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටියි. කොළොන්නාව, කරදියාන, මෙන්ම මුතුරාජවලටද කුණු බැහැර කරන්නේ ඩෙංගු රෝගය ගැන කතාව ඈඳා ගැනීමෙනි.
නගරයේ කුණු ගොඩ ගැසීමෙන් ඩෙංගු වසංගතය පැතිරෙන බවට බොරු බියක් මවා පාමින් වෙනත් අවශ්‍යතාද මේ හරහා සපුරා ගන්නට බලධාරීන් මැදිහත් වෙමින් සිටියි. මේ දෙක අතර අන්තර් සම්බන්ධය ඩෙංගු නම් දැන් ඒවා බැහැර කරන ජනතාවට ඩෙංගු වැළඳෙන්නේ නැතැයි මොවුන් තහවුරු කරන්නේ කෙසේද? මේ වන විට පළාත් පාලන ආයතනවල ඡුන්දය කල් දමමින් බලා සිටින්ට මෙයට අදාළ මැදිහත්වීමක් සිදු කරන්නට බාධාවක් වී තිබේ. ප‍්‍රාදේශීය සභා අපේක්ෂකයන් ඡුන්ද ලබා ගැනීම පදනම් කරගෙන මේ සඳහා අවම වැඩ සටහන් හෝ දියත් කරන්නට මැදිහත් වුවත් නිලධාරින්ට එවැනි අවශතාවයක් දැන් නැත. අපේක්ෂකයාට තම ඡුන්ද පදනම රැුකගැනීමට නම් කුමක් හෝ දෙයක් කළ යුතුය. එහෙත් ඡුක්ද කල් දමා ඇති මොහොතක ඔවුන්ටද එවැනි අවශ්‍යතාවයක් නැත. නිලධාරින් මේ මොහොතේ සිදු කරන්නේ සේවකයන් යොදා ගස්වල අතු කපා දැමීමය. එය අතීසාරයට අමුඩ ගැසීමකි.
ආණ්ඩුවේ කි‍්‍රයා මාර්ග හාස්‍යජනක වී ඇත්තේ මේ වන විට කොළඹ ප‍්‍රධාන පාසල්වල සිදු කරන වැඩ සටහන් දෙස බලන විටය. එහිදි සිදු කරනු ලබන්නේ පාසැල් තුළ ඇති කසල බදුන් ඉවත් කිරිමෙන්ය. සිසුන් නිවසින් ගෙන එන සෑම ආහාරයක්ම ඉතිරි වන්නේ නම් නැවත ඒවා නිවසට ගෙන යා යුතුය. පාසලේ කසල ඉතිරි නොවුවද ළමයින් නිවසට යන්නේ කසල රැුගෙනය. පාසල පිරිසිදු වූවාට මේ අනුව කොහේ හෝ තැනක කසල ඉතිරිවේ.
මෙවැනි ගැටලූවලදී එක් නිවසක් තුළ එක් පාසලක් පමණක් පිරිසිදුවීමෙන් ව්‍යසනය අවසන් වන්නේ නැත. සෑම විටම පාලකයන් එම ගැටලූවට පිළිතුරු සොයන්නේ තනි මැදිහත් වීමක් තුලය. ‘ඔබේ නිවස අවට පිරිසිදු කිරීම ඔබේ වගකීම වේ.’ යැයි පවසන්නේ එබැවිනි. එහෙත් මෙවැනි තත්වයන් විසදිය හැක්කේ සාමූහික මැදිහත්වීමකින් පමණි. මගේ නිවස අවට මම පිරිසිදු කළද අනෙකා එසේ නොකරන්නේ නම් ගැටලූව විසදෙන්නේ නැත. එබැවින් ආණ්ඩුව මෙයට නිලධාරින් යවමින් පරික්ෂා කිරීම සිදු කරනු ලබයි. එලෙසම දඩ ගැසීමද සිදු කරයි. ගැටලූව විසදනවා වෙනුවට දඩය ගැනීම ආණ්ඩුවේ අරමුණයි.
කෙසේ වෙතත් ආණ්ඩුව මේ වන විට සිදු කර ඇත්තේ ඩෙංගු මර්දනය සඳහා වෙන්කරන මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා වෙන් කිරීමය. එලෙසම වෙනත් කටයුතු සඳහාද එකී මුදල් වෙන්කළ පසු මෙයට අදාළ සාධනීය වැඩසටහන් දියත් කළ නොහැක. එහෙත් සමාජවාදී කියුබාව තුළ 1960 වසරේදී ඩෙංගු නිසා රෝගීන් 400ක් මියගියද 1968 වන විට ඩෙංගු රටෙන් තුරන් කිරීමට ඔවුන් සමත් විය. එයට නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩු සතුව තිබිණි. ඒ සඳහා කියුබානු රජය ජීව විiා උපාධිධාරීන් 25000ක් බඳවාගෙන රටේ කොට්ඨාස 25000කට එක් අයෙකු බැගින් වෙන්කර ජනතාව සම්බන්ධ කරගෙන ප‍්‍රජා සමිති ගොඩ නගමින් ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ඇරඹීය. පසුකලෙක ෆිදෙල් පැවැසුවේ මෙපමණ කාලයක් මදුරුවා අපට ලෙඩ බෝ කළත්, දැන් අපි මදුරුවාට ලෙඩ බෝ කරනවා යනුවෙනි. සාමුහිකත්වයට කෙතරම් අමාරු දේවල් ජයගත හැකිද යන්න කියුබාව අපට ඔප්පු කර ඇත. ඒ සාමුහිකත්වය ධනවාදය තුළ අපට කිසිදා හමුවන්නේද නැත. විවිධ වෙළඳ සමාගම්වල මූල්‍ය උවමනාවන්ට රෝගීන් සහ රෝගද වර්ධනය වීම ධනවාදයේ ලක්ෂණයයි. මෙය ජාතික ව්‍යසනයක් බව තේරුම් ගෙන එයට කරන දැනුවත් මැදිහත්වීමකින් හැර මෙය පරාජය කළ නොහැක. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක මේ තත්වයද මෙලෙසම පවතිනු ඇත. එබැවින් මෙය සමාජමය කතිකාවක් දක්වා පුළුල් කර ජනතා මැදිහත් වීමක් සහිතව බලධාරීන්ගේ මැදිහත් වීමද තුළ වෙනස් කළ යුතුය. එසේ නොකරන තාක් කල් තත්වය මෙසේම පවතිනු ඇත. දහස් ගණනින් සාමාන්‍ය ජනතාව මිය යනු ඇත. රෝහල් වාට්ටු රෝගීන්ගෙන් පිරීයනු ඇත. ආණ්ඩුවද තවදුරටත් බලා සිටිනු ඇත.