Posted on 11.27.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සමසෞඛ්‍ය පීඨ සිසුන් සඳහා මහනුවර සහ පේරාදෙණිය මහ රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් පේරාදෙණිය සරසවි සිසුන් අද(27) දින විරෝධතාවයක නිරත විය.
කොළඹ කොටුව දුම්රියපොළ අසල සිට පා ගමනින් කොළඹ වෝඩ් පෙදෙස පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණි සිසුන් එහිදී විරෝධතාවයේ නියැළුණි.
පේරාදෙණිය සමසෞඛ්‍ය පීඨය ආරම්භ කර වසර 10ට අධික කාලයක් ගතව තිබුනත් මේ වනවිටත් එම පීඨයේ සිසුන් සිය සායනික පුහුණු කටයුතු සිදුකිරීම සඳහා සරසවියේ සිට විශාල දුරකින් පිහිටි හලාවත, වැලිසර, කොළඹ සහ කුරුණෑගල රෝහල් වෙත යෑමට සිදුව ඇත.
සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මහත් බාධාවක්ව තිබෙන මෙම ගැටළුව විසදීමට බල කරමින් පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමය විසින් මෙලෙස මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

