Posted on 11.14.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද(14) දින යාපනය සරසවි සිසුන් විරෝධතා පා ගමනක නිරත විය.
යාපනය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය ඉදිරිපිට සිට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පා ගමනින් පැමිණි සරසවි සිසුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ගොෂණයේ නියැළුණි.
පසුගිය මස 30වන දා සිට යාපනය සරසවි සිසුන් පන්ති වර්ජනය කරමින් මෙම අසාධාරණයට එරෙහිව විරෝධය පළකර සිටි අතර ඒම ක්‍රියාමාර්ග මර්ධනය කිරීම වෙනුවෙන් වසා දැමුණු සරසවිය ඊයේ(13) දින නැවත ආරම්භ කර තිබුණි.
පසුගිය කාලය පුරාවට දිගින් දිගටම මෙම ගැටලුවට අදාලව පාර්ශව ගණනාවක් විසින් විවිද ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුවට සිය විරෝධතාවය දැක්වූ අතර දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා වෙනුවට තවදුරටත් මෙම ගැටළුව උත්සන්න වන අයුරින් ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් ඇත.