Posted on 09.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති සයිටම් ආයතනය වසාදැමීමේ යෝජනාව වහාම ක්‍රියාත්මක කළ යුතු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසයි.
සයිටම් විරෝධී උද්ඝෝෂණවල නිරතවීම නිසා චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේදී මහාචාර්යවරයා ජනමාධ්‍යවේදින් අමතා මෙම අදහස් පළ කර කළේය. මහජන විරෝධය විශාල වශයෙන් නැග එමින් තිබියදීම ලාභ අපේක්ෂාවෙන් කටයුතු කිරිම හේතුවෙන් ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතු වුවද සයිටම් ආයතනය අහෝසි කිරිමට වත්මන් ආන්ඩුව පියවර ගන්නා බවක් නොපෙනෙන බව ද ඔහු කීය.
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට වත්මන් රජය පියවර නොගතහොත් වත්මන් ජීවිතයේ අවසන් කාලය ගෙවා දමමින් සිටින තමා ජිවිතය සයිටම් සටන වෙනුවෙන් කැපකරන බවද මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවැසීය.