Posted on 08.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2017 අප්‍රේල් මස 11 දින රාජකාරි වෙලාවේදී පොලිස්පතිවරයා තමාට පහරදීම සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුව නැති නිසා මැදිහත්වී සාධාරණය ඉටුකර දෙන ලෙස එසේ පහර කෑ සමරකෝන් බණ්ඩා නමැති පොලිස් දෙපාර්තමේන්තු සේවකයා ජූනි මාසයේදී කථානායක වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් කිසිදු පැමිනිල්ලක් පහර කෑ තැනැත්තා විසින් සිදුකර නැති බව පොලිස් මාධය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළද එදින තම රාජකාරි ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත් මේ දක්වා යුක්තිය ඉටුවී නැති බව එම ලිපියෙන් ඔහු දන්වා ඇත. රාගම පදිංචිකරුවකු වන සමරකෝන් බණ්ඩා ඔක්තෝබර් මාසයේදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට අපේක්ෂාවෙන් සිටින බැවින් මෙම සිදුවීමත් සමඟ මානසික සමබරතාවයකින් හා සතුටින් විශ්‍රාම ගැනීමටද නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ඔහු කතානායකවරයාට දන්වා සිටී.
1986 දෙසැම්බර් 08 සේවයට එක්වූ තමන් කිසිදු අවස්ථාවක මෙබදු පීඩාවකට ගොදුරුව නැති බවද එම සිදුවීමෙන් පසු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නමුත් දැඩි මානසික පීඩනයකින් හා කම්පාවෙන් රාජකාරි කිරීමට සිදුව ඇති බවද සමරකෝන් බණ්ඩා පවසයි.
ඔහු තම පැමිණිල්ලේ පිටපත් පිටපත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ජාතික පොලිස් කොමිසම් සභාවේ සභාපති වෙතද යොමුකර ඇත.