Posted on 08.28.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
2017 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කොටි 1424 කින් පහල ගොස් ඇති බව 2017 අර්ධ වාර්ෂික මූල්‍ය කාර්ය සාධක වාර්තාව පෙන්වා දී ඇත.
මේ අනුව 2017 වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කොටි 44,525ක් වන අතර දෙවන කාර්තුවේ රුපියල් කොටි 43,101ක් ලෙස පහල ගොස් ඇත.
එමෙන්ම එම වාර්තාව පෙන්වා දෙන පරිදි අමාත්‍යංශ 51ක් සඳහා ලබා දුන් මුළු මුදලින් 67.8%ක් නය ගෙවීම සඳහා පමණක් වියදම් කර ඇති අතර අදාළ කාලයට වෙන්කරන ලද මුලු මුදලින් 49.4%ක් ම වියදම් කර නොමැති බවද පෙන්වා දී ඇත.
දිනෙන් දින රාජ්‍ය අංශය හැකිලෙමින් කඩා වැටෙමින් පවතින අතර රාජ්‍ය සේවාවන් වෙනුවෙන් වෙන්කරන මුදල් පවා නිසි අයුරින් ලබා දීමට පවා ආණ්ඩු මැදිහත් නොවන බව මේ හරහා පැහැදිලිව දක්නට ඇත.