தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පවුලක රුපියල් 30,000ක මාසික ආදායමෙන් 11,000ක්ම බදු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පවුලක රුපියල් 30,000ක මාසික ආදායමෙන් 11,000ක්ම බදු



රුපියල් 30,000ක මාසික ආදායමක් ලබන පවුලක් විසින් අවම වශයෙන් රුපියල් 11,000ක් පමණ ආණ්ඩුවට බදු වශයෙන් ගෙවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආහාර මණ්ඩලයේ උත්සවයක උදෑසන ආහාර වේලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක වියදමක් දැරීම සම්බන්ධයෙන් විවේචනාත්මකව ලිපියක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එක් පසෙකින් දැවැන්ත ශ්‍රම සූරාකෑමකට ගොදුරුව සිටින බහුතරයක් වූ වැඩකරන ජනතාව මත දැවැන්ත බදු බරක් පටවා තිබෙන බව මේ හරහා පැහැදිලිව දක්නට ඇත.

සරල යැයි පවසන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව විසින් සිදුකරන මෙවන් ප්‍රචාරණවාදී නාස්තිකාර වැඩසටහන් වලද බර අවසානයේ දැරීමට සිදු වන්නේ මෙලෙස සිය ආදායමෙන් විශාල ප්‍රමාණයක් බදු සඳහා වෙන් කිරීමට සිදු වන බහුතර පීඩිත ජනතාවටම වේ.