தமிழ்
English
Contact
Friday 13th April 2018    
සයිටම් වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියක් නැතිකමට වගකිවයුතු වෛද්‍ය සභාවයි – රාජිත සේනාරත්න « Lanka Views | Views of the truth

සයිටම් වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියක් නැතිකමට වගකිවයුතු වෛද්‍ය සභාවයි – රාජිත සේනාරත්න



සයිටම් ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියකින් තොරවීමට වගකිවයුතු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ගාල්ල මහමෝදර ගාල්ල නව හෙද විද්‍යාලය ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මේ බව කියා සිටියේය. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දෙසතියකින් ගැසට් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරනය කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවිට ඇතැමුන් ඒවා කඩාකප්පල් කරන්නට උත්සාහ කරන නමුත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ව්රුද්ධත්වය පළ කරනමුත් එය මෝඩයන් සහ මෝඩයන් අතර සංවාදයක් බව ඔහු පැවසීය. සයිටම් ආයතනයේ අවශ්‍යතාව මත වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නිශ්චිත නොකිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට චෝදනා කරමින ඔහු මෙසේ පවසා ඇත.

“වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව නෙව්ල් ප්‍රනාන්දු රෝහල ආරම්භ කිරීමෙි දී ශ්‍රි ලංකා වෛද්‍ය සභාවෙන් විමසා තිඛෙන නමුත් වෛද්‍ය සභාවේ සිටි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි අවම ප්‍රමිතියක් නොමැති බවයි. එවිට වරදකරු වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. නමුත් දැන් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන සාකචිඡා කරනවා. සමහරු කෑ ගහනවා. 2006 වසරේ දී වෛද්‍ය සභාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබදව කථා කරන විට ලෝක වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිය සකස් කර තිබුනා. නමුත් ඒ බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැන සිටියේ නැහැ. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සකස් කළේ මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වීමෙන් පසුවයි. නීති කෙටුම්පත් දෙපාර්තමෙින්තුවෙි ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉදිරි සති 02 තුල ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා. වෛද්‍ය අධ්‍යාපනය හෑල්ලු කරන්න ඉඩ දෙන්නේ නැහැ.“