Posted on 07.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා විසින් යෝජනා කර ඇති ළමා රෝග විශේෂඥ මහාචාර්ය ළමාබදුසූරිය සයිටම් හිතවාදියකු වන නිසා ඔහුගේ පත් කිරීමට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
තවදුරටත් එම තනතුරේ රැදී සිටින ලෙස වෛද්‍ය සංගම් නිලධාරින් විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කළද එය බාරගැනීමට අකමැත්ත පළ කළ නිසා ඇතිවූ පුරප්පාඩුවට මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, වෛද්‍ය පාලිත අබේකෝන්, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන මහත්වරුන්ගේ නම් මීට පෙර යෝජනා කරන ලදී. එහෙත් ඔවුන්ද එම තනතුර බාරගන්නට අකැමැතිත පළ කරන ලද බැවින් මෙම වගකීම භාරගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් පැන නැගී ඇත. එයින් ප්‍රෙයා්ජන ගනිමින් සෞඛ්‍ය ඇමතිවරයා රජයේ පිළිවෙතට ගැලපෙන පුද්ගලයකු එම තනතුරට පත්කරන්නට සූදානම්වන බවට විවිධ අංශවලින් විවේචන එල්ල වී ඇත.