தமிழ்
English
Contact
Monday 23rd October 2017    
මුදල් ඉපයු ආකාරය ගැන කියන්න නොහැකි වූ යෝෂිත රාජපක්ෂ පුද්ගලික සංචාරයකට ඉතාලි යයි ! « Lanka Views | Views of the truth

මුදල් ඉපයු ආකාරය ගැන කියන්න නොහැකි වූ යෝෂිත රාජපක්ෂ පුද්ගලික සංචාරයකට ඉතාලි යයි !



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඉතාලියේ පෞද්ගලික සංචාරයක් සදහා නීතිඥයන් මගින් ඉදිරිපත් කළ ඉල්ලීමට කොළඹ මහාධිකරණය විසින් අද(25) අවසර ලබා දී තිබේ.

සැප්තැම්බර් 28 සිට ඔක්තෝම්බර් 12 වනදා දක්වා සති දෙකක කාලයක් ඉතාලියට පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට යාමට අවසර ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂ ඉල්ලා තිබිණි. මෙම ඉල්ලීම අනුව විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට නියෝග කර තිබේ. මෙම නියෝගය ආගමන විගමන පාලකට සහ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂකට දැනුම් දෙන ලෙසට ද මහාධිකරණය දන්වා තිබේ.

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විමසනු ලබන්නේ උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් යොදවා සී එස් එන් නාලිකාව ආරම්භ කිරීම පිළිබඳවය. ඔහු ඊට අදාළව කල ඉල්ලීම මත කොළඹ මහාධිකරණයෙන් අද දින ඇප ලබාගෙන තිබේ.