Posted on 08.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විජේදාස රාජපක්ෂ කළ කිසිවක් ඒක්සත් ජාතික පක්ෂ කෘති්‍යාධිකාරී මණ්ඩලය හෝ පාර්ලිමෙන්තු කණ්ඩායම විසින් අනුමත නොකළ බව ප්‍රාදේශීය සංවර්ධන අැමති සරත් ෆොන්සේකා පවසයි.
කැළණිය වේවැල්දුව ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බදවා ගැනීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේ ජනමාධ්‍යවේදින් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒහිදී විජේදාස රාජපක්ෂ ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා තිබේ.
ඒ් ගැන සිය අදහස දක්වමින් ඔහු සදහන් කළේ ‘‘විජේදාස රාජපක්ෂ කරපු කිසිම දෙයක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය, පාර්ලිමේන්තු කණ්ඩායම එක්කෙනෙක්වත් අනුමත කලේ නැහැ. විජේදාස රාජපක්ෂ කරන්නේ එයා හිටපු පක්ෂයටත් හතුරු කමක්. එයා කියනවා එයා අස්වුණේ නැහැ අස්කළා කියලා. එයා හිතනවා ඇති අස්කරා කියන එකේ වැඩියෙන් ගෞරවයක් තියෙනවා කියලා. අස්කරා කියන්නෙ එලෙව්වා කියන එකනෙ. එකේ වෙනසවත් එයාට තේරෙන්නේ නැහැ. ප්‍රාඥායා වුණාට. ’’ යනුවෙනි.
නීතිඥ විජේදාස රාජපක්ෂ සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේ සහයෝගය දුන් අයකු වුවත් වත්මන් අාණ්ඩුව පිහිටුවන අවස්ථාව වනවිට විරසකයක් අැති විය. අැවන්ට්ගාඩ් විමර්ශන සම්බන්ධ කාරණාවන්හිදී අධිකරණ අැමතිවරයා වශයෙන් කළ කටයුතු නිසා ගෝඨාභය රාජපක්ෂට චෝදනා ගොනු කිරීමට අවස්ථාව අහිමි වූ බව සරත් ෆොන්සේකා ප්‍රකාශ කිරීමත් සමග විජේදාස රාජපක්ෂ හා ෆොන්සේකා අතර විරසකය රටටම හෙළිදරව් විය.