தமிழ்
English
Contact
Saturday 26th August 2017    
අධිචෝදනා විභාගය තිබියදී පාර්ලිමේන්තු යන්න රංගේ බණ්ඩාර මහාධිකරණයෙන් අවසර ඉල්ලයි « Lanka Views | Views of the truth

අධිචෝදනා විභාගය තිබියදී පාර්ලිමේන්තු යන්න රංගේ බණ්ඩාර මහාධිකරණයෙන් අවසර ඉල්ලයි



නීති විරෝධී ලෙස එකලස්‌ කරන ලද වාහනයක්‌ නිර්ව්‍යාජ වාහනයක්‌ ලෙස හැඟවීම සඳහා වෙනත් වාහනයක ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීම, ඒ සඳහා පෙළඹවීම, ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම යන අධිචෝදනාව යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ (23 දා) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවන ලදී. ෙමම ෙචා්දනා ඉදිරිපත්ව අැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර තීරු බදු සහන යටතේ ආනයනය කළ සුඛෝපභෝගි ජීප් රථය රුපියල් ලක්‍ෂ 54 ක්‌ ගෙවා මිලදී ගත්තේ යෑයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

ඒම අවස්‌ථාවේදී පළමුවන හා දෙවන සාක්‍ෂිකරුවන් එම නඩුව සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට උනන්දුවක්‌ නොමැති බවත් සිය සේවාදායකයාට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීම පිණිස සාක්‍ෂි විභාගය සඳහා වෙනත් දිනයක්‌ නියම කරන ලෙස දෙවන විත්තිකාර අමාත්‍ය පාලිත රංගේ බණ්‌ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය  ඉල්ලා සිටියාය.
පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට අවශ්‍ය විටෙක නඩු පැවරීමට හෝ නඩු ඉවත් කරගැනීමට තම අධිකරණය සූදානම් නොමැති බව එහිදී පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ලේ පළමු වන සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය ලබාගනිමින් පැමිණිල්ලේ නඩු විභාගය ආරම්භ කිරීමට නියෝග කළේය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් දෙදෙනා දිවුරුම් ප්‍රකාශ මගින් නීතිපතිවරයා වෙත කරුනු දක්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර එම සාක්‍ෂිකරුවන් එකී දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ ස්‌වෙච්ඡාවෙන් ද යන කරුණු අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක්‌ ආරම්භ කොට ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පැවැසීය.

ඒ අනුව එම නඩුවේ පළමුවන සාක්‍ෂිකරු ලෙස වාහන ව්‍යාපාරිකයකු වන දිනේෂ් ප්‍රදීප් රත්නායක නමැත්තා සාක්‍ෂි ලබාදීම ආරම්භ කළේය.