Posted on 08.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කාර්මික අායෝජන කලාපයක් ඉදිකිරීම සඳහා කළුතර, මිල්ලනිය ප්‍රදේශයේ භූමිභාගයක් තෝරාගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ තායිලන්ත සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍ර රත්නායක සහ තායිලන්ත රොජානා සමාගමේ සභාපති ඩිරෙක් විනිච්බුටර් යන අතර අද(21) පෙරවරුවේ එම අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරුණි. 2018 දෙසැම්බර් මාසයේ මෙම කාර්මික වෙළෙඳ කලාපයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය. මේ නිසා රැකියා අවස්ථා දස දහසක් බිහිකල හැකි වන බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සඳහන් කරයි. උතුරු නැගෙනහිර තරුණ තරුණියන් සඳහා ද එමඟින් රැකියා ලබාදීමට අපේක්ෂිත බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. පරිසර අැගයුම් වාර්තා සැලකිල්ලට ගනිමින් අක්කර 400ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රමගේ උපදෙස් මත ආයෝජන මණ්ඩලය මඟින් පහසුකම් සපයන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අයෝජන කලාපයට වෙන් කළ ප්‍රදේශයේ විශාල කම්හල් ඉදිකිරිමේ මිනුම් කටයුතු සම්බන්ධව කලකදී විරෝධතා හටගත් තඅර රැකියා ලබාදෙන පොරොන්දුව මත මේ වනවිට ජනතාව නිහඩ කර තිබේ.