தமிழ்
English
Contact
Monday 6th May 2019    
සියළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කල යුතුයි - සත්‍යවෙල් පියතුමා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියළු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කල යුතුයි – සත්‍යවෙල් පියතුමා



සියළු දේශපාලන සිරකරුවන් වාහාම නිදහස් කලයුතු බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කලයුතු බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සත්‍යවේල් පියතුමා පවසයි.

අනුරාධපුර බන්ධනාගාර සිරකරුවන් ආරම්භ කර ඇති අහාර වර්ජනය සහ දේශපාලන සිරකරුවන් සම්බන්ධ වත්මන් තත්වය පිලිබඳ දැණුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමා මේ බව ප්‍රකාශ කරන ලදි.

වවුනියා මහාධිකරණයේ විභාග වෙමින් තිබු නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමට එරෙහිව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සුලක්ෂන්, ගනේෂ් දර්ශන් සහ ආර්. තිරුවරුල් යන රැඳවියන් විසින් පසුගිය  20වන දින සිට මෙම ආහාර වර්ජනය සිදු කරන බව සඳහන් වේ.

කෙසේ වෙතත් දේශපාලන සිරකරුවන් දීර්ඝ කාලයක් පුරාවට සැකකරුවන් ලෙස බන්ධනාගාරගතව සිටින අතර ඔවුන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස එම රැඳවියන් ඉල්ලා සිටී.