தமிழ்
English
Contact
Monday 25th September 2017    
පිළිකා ප්‍රතිකාරයට මුදල් නැති රෝගියකු මහමග මිය ගිහින්! « Lanka Views | Views of the truth

පිළිකා ප්‍රතිකාරයට මුදල් නැති රෝගියකු මහමග මිය ගිහින්!



පිළිකා රෝගියකු බව කියන ජෝෂප් ඇන්තනී  නමැති පුද්ගලයෙක් ගාල්ල නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට මියගොස් සිටියදී යම් පිරිසක් විසින් පොලිසියට දන්වනු ලැබ තිබේ.

මහරගම ඉඳන් කතරගමට පයින් ගමන් කළ බව සැක කරන මෙම තැනැත්තා දරුවන් සිටින අයකු බවත් බිරිය මියගොස් කිසිදු රැකවරණයක් නොලැබ සිටි බවත් කියනු ලැබේ. මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු විසින් ලියූ බවට පැවසෙන ලිපියක් මළ සිරුර අසළ තිබී පොලිසියට හමුවිය. ඔහු ළඟ තිබී හමුවී ඇති තවත් දේ අතර අත්අකුරින් ලියු ලිපියක් හා ටයිප් කළ සටහනක් විය. මේ තැනත්තා මාසයකට වැඩි කාලයක් මහරගම සිට කතරගම දක්වා යන අදහසින් පාගමනින් ගමන් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. කිසිවකුගේ හව්හරනක් නැතිව ගිය ත.ැන තමා මේ ආකාරයට පයින් ගමන් කිරීම ආරම්භ කළ දිනය පසුගිය ජූනි 09 ලෙස ඔහුගේ අත්අකුරින් ලියූ ලිපියේ සදහන්ය.

Save