தமிழ்
English
Contact
Thursday 20th July 2017    
දරුවට බෙහෙත් ගන්න මුදලක් නැතිව මන්නය උගස් කරලා! « Lanka Views | Views of the truth

දරුවට බෙහෙත් ගන්න මුදලක් නැතිව මන්නය උගස් කරලා!




තම දරුවාගේ අසනීප තත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට යැමට ගමන් වියදම් සඳහා පියකු විසින් නිවසේ තිබූ රුපියල් අටසීයයක්‌ පමණ වටිනා මන්නා පිහියක්‌ රුපියල් තුන්සියයක මුදලකට ඇපයට තබා මුදල් ලබාගෙන ඇති බව විලච්චිය ප්‍රදේශයෙන් වාර්තා විය.

නියඟය හේතුවෙන් සිය වී වගාව පිට පිට කන්න හතරක්‌ විනාශ වීම නිසා කිසිවක් කර ගැනීමට නොහැකිව අසරණ තත්වයට පත්වූ නිසා මෙම තීරණය ගෙන ඇත. පවුලේ අවශ්‍යතා සදහා අවස්‌ථා කිහිපයකදී සහල් ඇතුළු බඩු බාහිරාදිය රැසක්‌ එම වෙළෙඳසැලෙන් ණයට ගෙන ඇතත් මේවන විට එම පියාට ණය මුදල් ගෙවා ගත නොහැකි තත්වයකට පත්ව ඇත.