தமிழ்
English
Contact
Sunday 23rd July 2017    
ආණ්ඩුව රෝහල පවරා ගැනීමෙන් කළේ වංචාවක්, නෙවිල් ප්‍රනාන්දුට වාසියක්! – පෙ.ස.ප. « Lanka Views | Views of the truth

ආණ්ඩුව රෝහල පවරා ගැනීමෙන් කළේ වංචාවක්, නෙවිල් ප්‍රනාන්දුට වාසියක්! – පෙ.ස.ප.




ආණ්ඩුව විසින් නෙවිල්  ප්‍රනාන්දු රෝහල රජය මගින් නඩත්තු කරන ආයතනයක් බවට පත් කළේ මුදලට වෛද්‍ය උපාධිය පිරිනමන්නට පවා කිසිදු සුදුසුකමක් නැති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක හිමිකරු ආරක්ෂා කිරිමේ අරමුනින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂය විසින් ඊයේ(17) කොළඹදී පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් මෙම අදහස් පළ කෙරිනි.

නෙවිල් ප්‍රනාන්දු සතු සයිටම් ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට නොහැකි වූයේ එහි ආරම්භයේ සිටම පැවති වංචනික ස්වභාවය නිසාය. නමුත් සයිටම් නීතිගත කිරීමට ගත් තවත් වංචනික උත්සාහයක් ලෙස දුර්වල මට්ටමේ පෞද්ගලික රෝහලක් ස්ථාපනය කිීමට නෙවිල් ප්‍රනාන්දු කටයුතු කළ අතර රෝගීන් නොපැමිණීම නිසා එම අරමුණ ව්‍යර්ථ විය. දැන් නෙවිල් ප්‍රනාන්දුට අභියෝගයක් ලෙස ඇත්තේ සයිටම් ආයතනය වෙනුවෙන් වලංගුභාවයක් ලබාගැනීමට පමණක් නොව නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරිමද වියදම් අධික කටයුත්තක්ව තිබේ. ඒ නිසා මෙසේ රෝහල් නඩත්තුව  පවරාගැනීමෙන් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස බලකරන ජනතාවගේ විරෝධයට සවන් දෙනු වෙනුවට නෙවිල් ප්‍රනාන්දු ආරක්ෂා කරන තැනට ආණ්ඩුව පියවර ගෙන ඇත.

රජයට පවරාගත් බව කීවද නෙවිල් ප්‍රනාන්දු හා සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂවරයා අත්සන් තබා ඇත්තේ බදු ගිවිසුමකි. කාර්ය මන්ඩලයේ වැටුප් ගෙවීම වෙනස් නොකර සිදුකරන්නට ආන්ඩුව වගකීමක් පවරාගෙන ඇති නමුත් රෝහලේ හිමිකරු තවදුරටත් පාලක මන්ඩලයේ සභාපති ලෙස නෙවිල් ප්‍රනාන්දු ලාභයට හිමිකම් කියයි. එසේම නොමිලයේ ඖෂධ ලබාදෙන බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වියදමින් ජනමාධ්‍ය දැන්වීම් පළකිරීම පෝස්ටර් ගැසීම සිදුකළත් එය ඉටු කරන්නේ කෙසේද යන්න මෙහිදී පුබුදු ජයගොඩ ප්‍රශ්න කළේය. එම ගිවිසුම යටතේ වසර දහයක බදු ගිවිසුමක් අත්සන් කළා මිස අයිතිය පවරාගෙන නැති බව පවසන පෙ.ස.ප. අධයාපන ලේකම්වරයා වසර 10 තුල ණය ගෙවා අවසන් කිරිමේ පොරොන්දුවක් නැති බවද පෙන්වා දෙයි. මෙම කරුන සම්බන්ධව වැඩිදුරටත් ඔහු කළ අදහස් දැක්වීම මෙසේ සාරාංශගත කළ හැකිය-

සයිටම් ආයතනය මිලියන ගණනින් ලාභ උපදවන නිසා එය ගැටලුවක්ව නොතිබුනු නමුත් සයිටම් විරෝධය නිසා රෝහල ශික්ෂන රෝහලක් බවට පත්කර ස්ථාපිත ලෙස පවත්වාගැනීම කීරනාත්මක විය. ආණ්ඩුව මැදිහත් වූයේ එම අභියෝගය වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දුට සහාය ලබාදීමටය. රජයට පවරාගෙන අධික වියදමක් දරමින් නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂන රෝහලක් ලෙස නඩත්තු කරන විට සයිටම් ආයතනයේ ශිෂ්‍ය පිරිසට එහි පුහුණුව ගතහැකි ලෙස වලංගුභාවයක් දෙන්නට ආණ්ඩුව මැදිහත් විය. මේ ආකාරයට සයිටම් ආයතනයේ සියලු වැරදි, වංචනික කටයුතු ආරක්ෂා කරමින් රෝහලේ නඩත්තුවද බාරගෙන එම වැරදි සියල්ල යටපත් කරන්නට ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කර තිබේ. එසේ සිදුවන්නේ සයිටම් ආයතනය හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල අහෝසිකිරීමේ තීරනයක් ගතහොත් අධ්‍යාපනය හා සෞඛ්‍ය මුදලට විකුණන තත්වයට ගෙන ඒමේ ආණ්ඩුව සතු සැලැස්ම දුර්වල වන නිසාය.

මේ තත්වය නිසා සයිටම් විරෝධය තවදුරටත් සවිමත් කරමින් අධ්‍යාපනය හා සෞඛ්‍ය වානිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යාමට දරන උත්සාහය පරාජය කිරිමට සියලු බලවේග සමග ඒකාබද්ධ අරගලයකට පිවිසෙන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් බව පුබුදු ජයගොඩ ප්‍රකාශ කලේය.