ජල බිලටත් රතු එළියක්
Posted on 08.06.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
නියං තත්වය අවසන් වීමෙන් පසුව පවත්නා ජල ගාස්තු ඉහළ යාමක් සිදු විය හැකි බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පැවසීය.
ඔහු අද(06) දින මාතර නූපේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ දී පැවති ජල සම්පාදන ව්‍යාපෘතියක මුල් ගල තැබීමේ උත්සවයක් අතරතුර මෙලෙස අදහස් දකවන ලදි.
රජය විසින් වසර තුනකට වරක් ජල ගාස්තු සංශෝදනය කිරීමක් සිදු කරන බවත් ඉදිරියේදී එම ගාස්තු ඉහළ නැංවීම සිදු විය හැකි බවත් එය මෙතෙක් ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ අයහපත් කාලගුණ තත්වය බවත් වැඩිදුරටත් අදහස් දැක්වමින් පවසන ලදි.