Posted on 09.06.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
දකුණු ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර්හි ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පසුව එරට ප්‍රමුඛ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළ ගෞරි ලන්කේෂ් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය විසින් දිගු කලක සිට ඉන්දියාවේ පවතින හින්දු ජාතිකවාදී දේශපාලනය විවේචනය කරමින් සිය මාධ්‍ය මෙහෙවර සිදුකරනු ලැබූවාය.
පසුගිය කාලය තුල විශේෂයෙන් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය බලයට පැමිණීමෙන් පසුව විවිධ අවස්ථාවල මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට අවස්ථාවන් ගණනාවකදී විවිධ ප්‍රහාරයන්ට ලක්වීමට සිදුවිය.
භාරතීය ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී ප්‍රවණතාවයට එරෙහිව මාධ්‍ය කටයුතුවල නිරතවූ මාධ්‍යවේදීන් ගණනාවකට විවෘතවම විවිධ තර්ජනයන් කිරීමට වත්මන් මෝඩි ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කර තිබේ.
ඊට අමතරව හින්දු ජාතිකවාදී දේශපාලනයට එරෙහිව මධ්‍ය කටයුතුවල නිරතවූ මාධ්‍යවේදිනියන්ව දූෂණය කිරීමේ අවස්ථා හා පහරදීමේ අවස්ථාවන් ගණනාවක්ද මීට පෙර වාර්තාවී තිබුනි.