Posted on 08.12.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ රෝහලක ළමයින් 60 දෙනෙකු ඔක්ෂිජන් නොමැතිවීමෙන් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම රෝහලට ඔක්ෂිජන් ලබාදෙන සමාගමවෙත අදාල මුදල් නිසිලෙස ගෙවා නොමැතිවීම හේතුවෙන් රෝහලට සපයන ඔක්සිජන් සැපයුම නවතා දැමීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ.
මෙසේ ළමයින් මියයාමට පෙර ඔවුන්ගේදෙමාපියන් විසින් රෝහල් බලධාරීන්සමග තම ළමයින් බේරාගැනීමේ දැඩි උත්සාහයක නිරතව ඇතත් එය අසාර්ථකවී ඇති බව වාර්තාවේ. මෙසේ මියගිය ළමයින් සියලු දෙනාම දින පහක් තුල නිසි ලෙස ඕක්සිජන් ලබා නොදීම හේතුවෙන් මරණයට පත්ව ඇති බවට චෝදනා එල්ලවී තිබේ. ගෝරක්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි බබා රග්හාවු දාස් රෝහලේ මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීම පිළිබදව එම රෝහලේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ළමුන්ගේ හදිසි මියයෑමට ඔක්ෂිජන් සැපයුම ලබා නොදීම හේතුවක් නොවන බවයි.