Posted on 08.26.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
2002 වසරේ ඉන්දීය කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමට අදාල නඩු විභාගයකින් පසුව ගුරු රාම් රහීම් සිං නැමති ආගමික නායකයාට ඊයේ ඉන්දීය අධිකරණය විසින් වසර හතක සිර දඩුවම් නියම කිරීමෙන් පසුව පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 30 මියගොස් තවත් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර එම පිරිස අතර එරට ආරක්ෂක අංශ නිළධාරීන්ද සිටින බව වාර්තාවේ.
රාම් රහීම් සිං ආගමික නායකයාගේ අනුගාමිකයින් විසින් සිය ආගමික මූළස්ථානය වෙත දස දහසක පමණ පිරිසක් විරෝධතා සිර දඩුවමට එරෙහිව විරෝධය පාමින් මග දෙපස දේපළ ගිනි තබමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් එමතත්වය පාලනය කිරීමට යෑමත් සමග මෙම ප්‍රචණ්ඩත්වය උත්සන්නවී තිබේ.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හර්යානා හා පංජාබ් යන ප්‍රාන්තවලද පැතිර ගොස් ඇත. මේ හේතුවෙන් ඊයේ ඉන්දියාවේ පන්චකුලා ප්‍රදේශයේ ඇදිරි නීතිය පවා යෙදවීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.