Posted on 08.12.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සංශෝධනය කරනලද රථ වාහන දඩ මුදල් අය කිරීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.
2017 අයවැය තුළින් දඩ මුදල් ඉහළ දැමීම යෝජනා වී තිබු අතර ඒ සම්බනධව ඇති වූ ජනතා විරෝධය හමුවේ අදාළ තීරණය තාවකාලිකව හකුලා ගනිමින් ජනාධිපතිවරයා අදාළ සංශෝධන පිලිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන ලදි.
කෙසේ වෙතත් මෙම සංශෝධනයට විරෝධය දැක්වූ ප්‍රධාන සාධකය වූ මාර්ග අනතුරු අවම කිරීමක් හෝ මාර්ග නීති ආරක්ෂා කිරීමට ජනතාව උනන්දු කරවීමේ අරමුණක් මෙහි නොමැති වීම සහ ආණ්ඩුවේ මූල්‍ය අර්බුධය මෙවැනි ගාස්තු වැඩි කිරීම් හරහා වසා ගැනීමට තැත් කිරීම පිලිබඳව අදාළ කමිටුව මඟින් කිසිඳු අවධානයයට ලක් කර නොමැති බව නව දඩ මුදල් සංශෝධනයෙන් පැහැදිලි වේ.
අදාළ සංශෝධිත ගාස්තු වැඩි කිරීම්.
පහත සඳහන් රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000/- ක් දක්වා වැඩි කිරීම:
– වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම.
– රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම.
– මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය.
– දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම.
-වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය.
පහත සඳහන් රථ වාහන වැරදි සඳහා දැනට අය කරනු ලබන අවම දඩ මුදල් සංශෝධනය කිරීම:
– අධික වේගයෙන් රිය පැදවීම.
(නියමිත උපරිම වේගය ඉක්මවා 20% දක්වා අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 3,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 20% ට වැඩි හා 30%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 5,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 30% ට වැඩි හා 50%ට අඩු අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 10,000ක්ද; නියමිත උපරිම වේගය ඉක්මවා 50% ට වැඩි අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 15,000ක්ද වශයෙන් ස්ථානීය දඩ නියම කිරීම)