தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
දේශීය ආදායම් පනත එළඹෙන 25වන දා පාර්ලිමේන්තුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශීය ආදායම් පනත එළඹෙන 25වන දා පාර්ලිමේන්තුවට



නව දේශීය ආදායම් පනත් කෙටුම්පත එළෙඹෙන 25වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරන ලදි.

අද(21) දින මුදල් අමාත්‍යංශයේදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පවසන ලදි.

වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ප්‍රතිශතය ඉහළ දමා වඩා සාධාරණ බදු ප්‍රතිපත්තියක් සකස් කරන බවත් බදු නිදහස් පුද්ගල ආදායම ලක්ෂ 12 දක්වා ඉහළ දමන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙහිදි පැවසීය.

අදාළ කෙටුම්පතට විරෝධය පළකරමින් මෙම පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සෘජු අධීක්ෂණය සහ වුවමනාවන් පෙරදැරිව සකස් කරන ලද්දක් බවත් මේ හරහා සාතිශය බහුතරයක් වූ වැඩකරන ජනතාව තවත් පීඩාවට පත් කිරීමට නියමිත බවත් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර තිබුණි.

මෙම නව පනත හරහා මින් පෙර ජනතා මුදල් රු: කෝටි 900ක් වැයකර ආරම්භ කරන ලද නව තාක්‍ෂණය මඟින් බදු පරිපාලනය කාර්යක්‍ෂම කිරීමේ ක්‍රමවේදය  මුළුමනින්ම අත්හැරීමට සිදුවන බවද පැවසේ.