Posted on 08.27.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
දුම්රිය එන්ජින් සහායකවරුන් 300දෙනෙක් මේ වන විට පුරප්පාඩු වී තිබෙන බව දුම්රිය එකාබද්ධ පෙරමුණ පවසයි.
එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ගැසට් නිවේදනය නිකුත් කර වසරකට අධික කාලයක් ගත වන බවත් එහෙත් මේ වනතෙක් බලධාරීන් ඊට අදාළ ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බවත් අදාළ පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණම කිරීම සඳහා බලධාරීන් ක්‍රියා නොකරයි නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන බවත් එම පෙරමුණේ ලේකම් සම්පත් රාජිත වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින ලදි.